තවත් අලුත් මිතුරෙක් සහ අලුත් හතුරෙක්

54 11 14
                                    

"හොදයි එහෙනම් කැමති තැනකින් වාඩි වෙන්නකෝ" යි ඇල්ෆ්‍රඩ් ගිනි උදුන අසල සෝෆාවක හිද ගනිමින් කීවේය.

"එතැන ඉතා සැප පහසු තැනක් වගෙයි පේන්නේ" ටිම් එතැන තිබූ පුටුවක වාඩි වුණා..

ටිම් එතැන වාඩි වු විට ඈත කොනක මුල්ලේම තම ඔඩොක්කුවේ මහා විශාල පොතක් දිගහැරගෙන එහිම එල්ලී සිටින තම වයසේ ගැහැණු ළමයෙකු දුටුවේය. පොදු කාමරයේ අන් සියලු දෙනාම එකතු වී තම වැඩකටයුතුවල නිරත වී සිටියත් ඈ සමග කතාබහ කිරීමටවත් කිසිවෙකුත් උත්සුක නොවීය. ඇයටද ඒ පිළිබද වගේ වගක්වත් නොමැති බව ටිම්ට පෙනී ගියේය.

" හේයි ඔයා එයාව යාළුවෙක් කර ගන්න නම් හිතන්නවත් එපා." ඇල්ෆ්‍රඩ් ක්ෂණයකින් කීවේය.

" ඇයි ඔයා එහෙම කියන්නේ?" ටිම් කුතුහලයෙන් ඇසුවේය.

" බලන්නකෝ ටිම්. එයා දැන් ඇවිත් සති දෙකක් වෙනවලු. ඒත් එයා කාත් එක්කවත් හිනාවකට වඩා දෙයකින් කතාබහක් නෑ. අඩු තරමේ 'හලෝ' එකක්වත් නැහැ. මං හිතන්නේ එයත් එක්ක කිසිම යාළුවෙක් නැහැ කියලා. අනික එයා පුදුම පොත් ගුල්ලියක්. මේ සති දෙකටම එයා අපේ පුස්තකාලයේ තියෙන පොත්වලින් භාගයක්ම කියවලා ඇති." ඇල්ෆ්‍රඩ් දිග විස්තර වාර්තාවක් ඉදිරිපත් කළේය.

"ඉතින් එයාට නමක් නැද්ද?"ටිම් ඇසුවේ ඇගේ නම කුමක්දැයි කල්පනා කරමිනි.

" එයාගේ නම නම් එයාගෙන්ම තමයි අහන්න වෙන්නේ. එයා කාත් එක්කවත් කතාවක් නැහැනේ. මං හිතන්නේ එයාට තියෙන්නේ නිකන් 'මෙලන්' වගේ නමක්. හරියට නිකන් 'වෝටර් මෙලන්' වගේ."

"ඒත් මං හිතන්නේ මම එයාත් එක්ක කතා කරා නම් හොදයි කියලා ඇල්ෆ්‍රඩ්. එයාට කවුරුත් යාළුවෙක් නෑ වගේ පේන්නේ."ටිම් එදෙස බලමින් කීවේය.

"හොදයි ඉතින් ඔයාගේ කැමැත්තක් ටිම්.මටත් හිතෙනවා එයා හොඳ කෙනෙක් කියලා. එහෙනම් අපි දෙන්නම යමුද?" ඇල්ෆ්‍රඩ් ඇසුවේය.

ඔවුන් කතාබහ කරමින් ම අර ගැහැණු ළමයා වෙතට ගියේය.

"අම්... ඉතින් කොහොමද? මම ටිම් ග්‍රෙගරි. එතකොට මේ මගේ යාළුවා ඇල්ෆ්‍රඩ් වෝල්ට්ස්. හමුවීම සතුටක්" ටිම් අත දිගු කර කීවේය.

Adventures In The Magical World✔︎ ⁿᵒᵗ ᵃ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿHikayelerin yaşadığı yer. Şimdi keşfedin