අපූරු කඳවුරක්

82 14 15
                                    

" හොදයි ටිම් , ඔයා මේ කදවුර ගැන යම් අවබෝධයක් ලබා දෙන්න මම කැමතියි." අවසානයේ බෝබර්ඩෙන් තුමා පැවසුවේය.

"මේ පාසලේ නිවාස හතරක් තියනවා අර උස කුලුණු හතර එක් එක් නිවායටයි. ඒවා රෙඩ්, බ්ලැක්, වයිට්,බ්ලූ හෙඩ්ස් විදිහට නම් කරලා තියෙනවා. අපි යමෙක්ව නිවාසයට තෝරන්න යොදා ගන්නේ අර ග්‍රැමෆෝන් තැටියි. ඉතින් ඔබේ ග්‍රැමෆෝන් තැටියත් ඔබේ නිවාසය තෝරාවි." එසේ කියූ බෝබර්ඩෙන් තුමා ඔහුට තම පසු පස එන ලෙස පැවසුවේය.

එතුමා එහි එක් ඇතුළු කාමරයකට පිවිසියේය. එහි තිබුනේ යෝධ ග්‍රැමෆෝනයකි. බෝබර්ඩෙන් ඒ වෙත ගොස් ග්‍රැමෆෝන් තැටිය එහි ඇතුළ් කළේය. මද වේලාවක් බලා සිටි ඔවුන්ට ඒ තුළින් කටහඩක් ඇසෙන්නට ගත්තේය. ඒ කිව්වේ " රෙඩ් හෙඩ්ස්" කියායි. මෙය ඇසූ බෝබර්ඩෙන් " ටිම් ග්‍රෙගරි! රෙඩ් හෙඩ් කෙනෙක් ලෙස ඔබව සාදරයෙන් පිළි ගන්නවා." යි කී‍ය.

වහාම කාර්යාලය වෙතට ගිය බෝබර්ඩෙන්තුමා තම අත දිගුකොට මීදුමක් මවාගත්තේය.ඒ තුළින් ඔවුන්ට ඔවුන්ට උල් තොප්පියක් සහ උපැස් යුවලක් පැළැදි කාන්තාවක් දැකගත හැකිවිය.

" සුභදවසක් ලෝරා "

"ඔහ්! විලියම් ඔබ මාව බය කළා. ඉතින් කියන්න."ඇය පැවසුවාය.

"සුභපැතුම් ලෝරා! ඔබේ නිවාසයට තවත් සිසුවෙක්"බෝබර්ඩෙන් සතුටින් පැවසුවේය.

ඒ ඇසූ ඈගේ දෙනෙත් දීප්තිමත් විය.ඈ කාරුණික අයෙක් බැව් ඇගේ දෙනෙත් දෙස බැලූවිට ටිම්ට සිතාගත හැකිවිය.

"හරි මම දැන්ම ඔතැනට එන්නම්''ඈ එසේ කියා අවසන් වනවාත් සමගම අතුරුදන් වූවාය.නිමේෂයකින් ඈ ඔවුන් ඉදිරිපිටය.මීදුම අතුරුදන් කළ බෝබර්ඩෙන්තුමා ඇය වෙත ගියාය.

"ආයුබෝවන් ලෝරා.මේ ඉන්නේ ටිම් ග්‍රෙගරි.ටිම්, මේ ඔබේ නිවාසය භාර ආචාර්යවරිය ලෝරා විලියම්ස්'යැයි එකිනෙකා හදුන්වා දුන්නේය.‍

"ආයුබෝවන් මහාචාර්යතුමියනි."

ඒ ඇසූ ඇය කාරුණික සිනාවක් සමග ඔහුට පෙරලා ආචාර කළේ ය.

"හොදයි දැන් ඔබට යන්න පුළුවන් ඔබේ නිවාසයට"යි බෝබර්ඩෙන්තුමා පැවසුවේය.

"එන්න මගේ අතින් අල්ලගන්න."යි මහාචාරිනී විලියම්ස් අතක් දිගු කළාය.ටිම් ඇගේ අතෙන් අල්ලා ගත්තේය.එවිටම ඔවුහු පෙරට වඩා ඝෝෂාකාරී,උණුසුම් ආලින්දයකට පැමිණ සිටියහ.එය සිසුන්ගෙන් පිරී තිබිණ.

"සුභ දවසක් මහාචාර්යතුමියනි"ඔවුහු එක හඩින් පැවසූහ.

"එසේම වේවා"යි කියූ ඇය සියලු පිරිස තමා වටා රැස් කරවූවාය.

"මේ තමයි ඔයගොල්ලන්ගේ අලුත් සාමාජිකයා, ටිම් ග්‍රෙගරි.ඔහුට මෙහි නීතිරීති,වැඩකටයුතු සිද්ධ වෙන ආකාරය කියා දෙන්න.ඔහු පළමු වසරට.පළමු වසරේ අය මෙයාව හෙට සිට පාඩම් කටයුතුවලට හවුල් කරගන්න."එසේ කියූ මහාචාරිනී යන්නට හැරුණාය.

"ප්‍රොෆෙසර්,"ටිම් ඇයව ඇමතුවේය."මම මේ ගැන මගේ තාත්තාට කියන්න ඕනෑ නේද?"ඔහු කුතුහලයෙන් යුතුව ඇසුවේය.

"ආහ්! ඔහු ඒ ගැන මුල සිටම දන්නවා.ඔබේ මව ඉන්ද්‍රජාලිකයෙක් බව දැනගත් දා පටන්ම.ඔහු ඔබට හෙට ලියුමක් එවාවි. ඔබ කලබල විය යුතු නැහැ ටිම්" යි ඇය කරුණාවෙන් යුතුව කීවාය.
_______________

මේ චැප්ටර් එකට කතෘ සටහනක් නෑ😌😊

පුළුවන් වුණොත් තව එකක් දෙන්නම් අද🙄😁

බායි....🖐️

Adventures In The Magical World✔︎ ⁿᵒᵗ ᵃ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿWhere stories live. Discover now