දේවමය බැහැදැකීම...

35 8 12
                                    

ටිම් අවදි වුනේ පසුදා උදෑසන අරුණළු නැගෙනවාත් සමගය. ඹහුට සිහිවුනේ තම කාලය කෙමෙන් කෙමෙන් අඩු වී යන බවකි.ඔහුට තව ඇත්තේ අද සහ හෙට පමණි. කෙසේ හෝ අද සවස් වන විට බ්‍රිතාන්‍ය කෞතුකාරයට යා ගත යුතුය.

ටිම් නැගිට බැලුවේය. ඒ වන විට එලන් එතැන ගිණිමැලයේ අගුරු නිමාදමමින් සිටියාය. ඇල්ද අවදි වෙමින් සිටියේය.

"මම දෙවෙනි මුරය කළා. රෑ මැද මං එක පාරට ඇහැරුන හින්දා ඇල්ට නිදා ගන්න කියලා මං මුර කළා." එලන් සිනා සෙමින් කීවාය.

ඇය මුල් කාලයේ සිටියාට වඩා දැන් ගොඩක් වෙනස් වෙලාය. මුලදී සමාජයෙන් ඈත් වී සිටීමට උත්සාහ දැරූ ඇය දැන් සමාජශීලී කෙනෙක් බවට පත් වී හමාරය.

" ආ මෙන්න, උදේ කෑම. අපරාදේ අපිට තව මවා ගන්න මන්තරයක්වත් තිබුනනම්" යි කියමින් එලන් කිරි දැමූ කෝන්ෆ්ලේක්ස් බදුන් ටිම් සහ ඇල් අතට දුන්නාය.

ඒ ඉතාම නීරස ආහාර වේලෙන් පසුව ඔවුන් නැවත ගමනාරම්භ කළහ. මාර්ගයේ ඉදිරියටම ඇවිද ගිය ඔවුහු එතැනින් වමට හැරී දිගටම ගමන් කළහ. යන අතරමග තිබූ කිසිදු වෙළදසැලක නොනැවතීමට ඔවුහු ඉටා ගත්හ.

" මට නම් දැන් හරි මහන්සියි. කඩේකට ගිහින් කෑම කන අවදානම ගන්නත් බැහැ නේ. ඒත් ඉතින් මොනවා කරන්නද?" ඇල් නැවත කෙදිරි ගාන්නට විය.

"ඔහොම ඉන්නකෝ මං දන්නවා තැනක්. අපේ තාත්තා එක සැරයක් මාව මෙතනට එක්ක ආවා. එන්නකෝ." කියමින් එලන් නැවත වයඹ දෙසට හැරී ගමන් කරන්නට විය.

ඉතා දීර්ඝ වෙහෙසකර ගමනකින් පසු ඔවුහු ළගා වූයේ රාජකීය උත්සව ශාලාවටය."ඇයි අනේ අපි පයින්ම යන්නේ.අපිට වාහනවලින් යන්න මොකට තහනම් උනාද මන්දා?" ටිම් ද මැසිවිලි නැගුවේ ඇති වෙහෙස නිසාය.

"ඇයි මතක නැද්ද අපිට මායා නීති පන්තියේදී ඉගැන්නුවේ, අපිට ගවේශනවලදී අත්‍යවශ්‍යම අවස්ථාවක හැර මනුෂ්‍යයින්ගෙන් උදව් ඉල්ලන්න තහනම් බව."එලන්ද හති දමමින් පැවසුවාය.

"හරි දැන් කියන්න අපි මොකටද රාජකීය උත්සව ශාලාවට ආවේ?" ටිම් එදෙස බලමින් ඇසුවේය.

"අපි ආවේ එතනට බව ඇත්ත. ඒත් එතනට නෙවෙයි." එලන්ගේ පැටලිලි සහිත වැඩ නිසා ටිම් ගේ ඔළුවද අවුල් වී තිබුණි.

Adventures In The Magical World✔︎ ⁿᵒᵗ ᵃ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ