part 4

4.5K 723 59
                                    

ජන්කුක් ආයෙ නැගිට්ටෙ ඉර එලිය මූනට වැටුන නිසායි...

ඔලුවට එක අතක් තියාගෙන ඇදේ විට්ටමට හේත්තු උන ජන්කුක් ඇනුමක් අරින ගමන් වට පිට බලන්න ගත්තා...

එත් එයා කලබල උනේ එයා කාමරේට ආපු විදිහක් එයාට වත් මතක තිබ්බෙ නැති හින්දා

"මං කොහොමද කාමරේට ආවේ..මට මතක නැහැ නේ මං කාමරෙ-"

ඒ එක්කමයි එයාට ඊයෙ ගාර්ඩ්න් එකේ උන දේ මතක් උනේ....

උදේම බය උන ජන්කුක්ට හොදටම දාඩිය දාන්න පටන් ගද්දි එයා එහෙමම ගියේ washroom  එකට....

" උදේට හොල්මන් එන එකක් නැහැ නේ... හින්දා බොරුවට බය වෙන්න එපා ජන්කුක්...පිරිමියෙක් වගේ ඉන්න...අනික මෙහෙ ඇති හොල්මනක් නැහැ..මේ ඔක්කොම මං හිතින් හිතා ගන්න එව්වා විතරයි..."

එත් ජන්කුක් එක තැනක හිර උනා..

" ඊයේ අර බංකුවේ වාඩි වෙලා ඉදියේ කවුද එතකොට අනිත් එක කවුරුත් මේ බංගලාවෙ නැත්තම් ඊයෙ ගාර්ඩ්න් එකෙ හිටිය මං කොහොමද අද උදේ ඇදේ ඉන්නෙ? සමහරවිට පීටර් ආවවත්ද ? එත් තාම පීටර් ගිහින් දවසක් වත් නැහැ නේ...කමක් නැහැ පල්ලෙහාට ගිහින් බලමුකෝ"

කියලා washroom එකෙ කන්නාඩිය ඉස්සරහ හිට ගත්ත ජන්කුක් ඇදුම් එකින් එක ගලවන්න ගත්තා....

එත් අදත් එයාගෙ බෙල්ලෙ වගේම මේ පාර පපුවෙ ඉදලාම කලින් දවසේ වගේම රතු පාට අලුත් පැල්ලම් තිබ්බා...

" මේවා කොහොමද එන්නෙ..රෑට මදුරුවෝ කනවාද මන්දා..එත් මෙච්චර ලොකුවට පැල්ලම් එන්න තරම්?...හ්ම්ම් සමහරවිට  මදුරුවෝ ඇලජි ඇති මට "

එහෙම හිතන ගමන් තමන්ගේ ඇගේ තිබ්බ අන්තිම ඇදුමත් ගලවලා දාපු ජන්කුක් එහෙමම ගියේ shower එක යටට...

ඒ රස්නේ වතුර ජන්කුක්ගේ ඇග දිගේ පහලට ගලන් ගියේ ජන්කුක් ගෙ හිතට වගේම මනසටත් සැහැල්ලුවක් ගෙන දෙමින්....

Ghost boyfriend   (Completed ✅....)Where stories live. Discover now