part 9

4K 593 40
                                    

කාලේ වේගෙන් ගෙවිලා ගියාත් ටේත් ජන්කුක් ටත් තාම එයාලා එකම දවසක හිර වෙලා වගේ....

ඒ දෙන්නාගෙ ආදරෙ එන්න එන්න ශක්තිමත් උනේ හරියට ලොකු වීගෙන එන ගහක් වගේ...

එක දවසක් ජන්කුක් ගේ ගෙදරට එයාලාගෙ හියුන්ග් ලා එනවා කිව්ව හින්දා ජන්කුක් උදේ ඉදන් දත මැදගෙන ඉන්නේ එයාලා එනකන්...

දවල් බංගලාවේ සීනූව නාද උන එකෙන් ජන්කුක් දුවලා ගිහින් දොර ඇරියේ එයාලාව සාදරෙන් පිලි ගන්නයි...

දොර ඇරපු ගමන් ලස්සන හිනාවකින් කට පුරො ගත්ත ජන්කුක්

🐰: හියුන්ග් එන්න ඇතුලට..

🐿️:මගේ අම්බේ මේක සුද්දාගෙ කාලේ තිබ්බ රජ ගෙයක් වගේ නේ...

🐥: හොසොකී හරි...ඔයාට බය නැද්ද කුක් මෙහෙ තනියම ඉන්න...

🐰: මං තනියෙන් නෙමෙයි නේ ඉන්නේ...

කියන ගමන් ජන්කුක් බැලුවේ එයාගෙ එහා පැත්තෙ තමන් දිහා හිනා වෙලා බලන් ඉන්න ටේ දිහා...

කට්ටිය ඇතුලට ආවම සාලේ තිබ්බ ලොකු සොෆා එකෙන් වාඩි වෙන ගමන් හැමෝම වල්පල් දොඩන්න ගත්තේ වෙනදා පුරුද්දට....

🐽: ඒක නෙමෙයි කුක්..

🐰: ඔව් හියුන්ග්...

🐽: අපි හැමෝටම කෙනෙක් ඉන්නවා එත් උබ තාම ඇයි තනියෙන් ....උබත් කාත් එක්ක හරි යාලු වෙයන්කෝ..

🐰: මට...මට...

🐥: ඉදපන් උබ රතු වෙන්නෙ මොකද කියන්නෙ කවුරු හරි ඉන්නවාද?

හිමිට ජන්කුක් ඔලුව වනද්දි අනිත් ඔක්කොම අය සූස් ගාලා උඩට හුස්ම ඇද්දා...

🐨: කවුද   අපි නොදන්න එක්කෙනා..

🐰: ඒක මං වේලාව ආවම ගානට කියන්නම් හියුන්ග්...එතකන් ඉවසන්නකෝ...

Ghost boyfriend   (Completed ✅....)Where stories live. Discover now