Chapter : 07🖤✨️

171 52 16
                                    

පෙර කොටසට :

https://m.facebook.com/story.php?story_fbid=190403089781465&id=100064353265866

My Empress 🖤️✨
Chapter : 07 👑
_____________________________________________

වැළලී ගිය අතීතයක්..........
අලුත් කළ ගායකයෙක් ............

____________________

පෙර කොටසින් :

යකෙක්...... නෑ...ඒක වෙස්මූණක්....... ඒ වෙස්මූණ රතු පාටට පෙනුනෙ හරියට යකෙකුගෙ මූණක් වගේ..... එකපාරට දැකපු ගමන් මගෙ ඇස් පියවෙන තරමටම අමුතු බය හිතෙන පෙනුමක් ඒ වෙස්මූණට තිබුණා....

ඒ වගේම කළු ඇදගත්ත තවත් කෙනෙක් වහලෙන් බිමට පැනලා එතනට එනවත් එක්කම මගෙ බෙල්ලට කඩුව තියන් හිටපු කෙනා කලබලෙන් වගේ දුවලා ගියා.....
දෙන්නම අතුරුදහන් වෙලා ගියේ එහෙ බලලා මෙහෙ බලද්දී එක තත්පරේට.....

මොකක්දෝ මන්දා අමුත්තක් නිසාමදෝ මට හිතුනෙම ඒ ගෑනු ළමයෙක් කියලා.....
හැමදේම සිද්ධ වුණේ එක මොහොතින්......
මට හිතාගන්නවත් බැරි වුණා මොනවද වුණේ කියලා. ආහ්හ්....... කියන ගමන් මම අත බෙල්ලට තියාගත්තෙ ටිකක් තදට ඇදුන ඒ කැපුම් පාරින් තුවාල වුණ බෙල්ල වේදනා දුන්න නිසා.......

බෙල්ල ගැන අත ගගා හිටපු මගෙ මතකෙට එකපාරටම ආවේ හාජින්ව.... හාජින්ට මොකක් හරි කරදරයක්ද කියලා බලන්න දුවද්දිම මගෙ සෙරෙප්පුවට මොකක්දො මන්දා අමුතු දෙයක් පෑගුනා වගේ දැනුනා.... පරණ දේවල් කොච්චර වටිනවා වුණත් මෙහෙ තියන පරණ සෙරෙප්පු ගැනනම් මට තිබුණේ පුදුම කේන්තියක්..... විකාර සෙරෙප්පුව පැත්තකට දාලා කකුලට පෑගුන දේ අතට ගත්තෙ පුoචි කුතුහලයක් හිතේ තියාගෙන.....

අනේ හරිම හුරුබුහුටි ලස්සන රෙදිවලින් වගේ හදලා තියන අලි පැටියෙක් එල්ලලා තියන පුoචි බටනළාවක්...... හරිම කෙනා ළගට හරිම දෙයක් ඇවිත් කියලා හිතලා ඒක ඇදුමේ සාක්කුව ඇතුළට දාගෙන පුළුවන් තරම් ඉක්මනට හාජින්ගෙ කාමරය ළගට දුවලා ගියේ කෙල්ල ගැන බලන්න...........

"හාජින්.......... හාජින්.......... "
ඔයා ඇතුළෙ ඉන්නවද............."

මම ඇතුළට යන්න කලින් පුළුවන් උපරිම සද්දෙන් කෙල්ලට කතා කළේ මොනවා වුණත් ගෑනු ළමයෙකුගෙ කාමරයට බලෙන් යන්න හොද නැති නිසා ........

My Empress 🖤️✨ ( Sinhala Ff ) Complete Where stories live. Discover now