My Empress ✨️🖤
Chapter :23 👑කාලය කියාවී දෛවයේ සරදම් 🥀
වැළලී ගිය අතීතයක්....
අලුත් කළ ගායකයෙක්
___________________________________🌟 AUTHOR POV : (කතෘ)
පසුදින~
රාත්‍රිය 🌙
@ පියුම් අසපුව~🌼හුග දවසකට පස්සෙ බොහොම අමාරුවෙන් අවස්ථාවක් හදාගෙන අද ඩෝයූන් හොර රහසෙම මෝයාව මුණගැහෙන්න අසපුවට ආවා..එළියේ ඔත්තු කාරයෝ ඉන්න නිසා හුගක් පරිස්සම් වෙන්න ඩෝයූන් වගේම මෝයාත් හැමවෙලේම වගබලගත්තා..
"එහෙනම් ඩෝයූන් හාජින් අපිට උදව් කරයි නේද..."
මෝයා ඇහුවෙ එයාගෙ උකුළෙ ඔලුව තියාගෙන ඉන්න ඩෝයූන්ගෙ ඔලුව අත ගගා....
"ඔව් මම දැනටමත් විස්තර වගයක් හොයාගෙන තියෙන්නේ...
සම්පූර්ණ සාක්ෂි ලැබුණ ගමන් රැජිණට ඉදිරිපත් කරලා ඔයාව මේ සැකයෙන් නිර්දෝශි කරනවා....."කියලා ඩෝයූන් මෝයා දිහා බැලුවා...
මෝයාගේ තුවාල වුණ ඇස් දිහා ඩෝයූන් බලාගෙන හිටියේ හිතේ ආදරේ පුරෝගෙන...."හා....ළගදිත් සුයෝන් ඇවිත් මාව මුණගැහිලා ගියා...එයා එච්චර හිත හොදකින් නෙමේ කතා කළේ..."
මෝයා හඩ අඩුකරලා කිව්වේ ඩෝයූන්ගේ කෙස් අතරින් ඇගිලි යවන ගමන්...
"මේ දේවල් පටන් ගත්ත දවසෙ ඉදන් රැජිණ එහෙමයිනේ...රැජිණටත් මේ දේවල් හුගක් අමාරු ඇති.."
"ඔව් මම දන්නවා සුයෝන් ගැන..."
" ඔය නිර්නාමික නරුමයා මෙහෙම කරන්නේ රැජිණ එක්ක මොකක් හරි ලොකු තරහක් තියන නිසා වෙන්න ඕනි මෝයා....."
"ම්ම්...ඔව්...මට සුයෝන්ට ඒ ගැන කියන්නවත් ඒ කෙනාගේ මූණ මතක නැහැනෙ..."
"ම්ම්..ඒකට ඔයා මොනා කරන්නද...ඔයාට මේ දේවල් කරපු නරුමයොන්ට මරණයට වඩා දඩුවම් ලැබෙන්න ඕනි මෝයා...
ළඟදි උන් ඔයාට මොකුත් බලපෑමක් කළේ නෑනේද....""එකවතාවක් නම් ආවා....මන් තාමත් සුයෝන්ට විරුද්ධයි වගේ රගපානවා..."
"ඔව් ඒක ඔයාගේ ආරක්ෂාවට හොදයි...
දිගටම එහෙමම කරන්න...රැජිණගෙන් පලි ගන්න තරහකින් ඉන්නවා වගේම පෙන්නන්න..."

YOU ARE READING
My Empress 🖤️✨ ( Sinhala Ff ) Complete
Fanficඅතීතයේ හදවතකට පෙම් බැදි කාලතරණය කළ ගායකයෙක්.... 🌹 මේ Story එක කාලතරණ කතාවක්...අතීත රාජධානියකට ගිය ගායකයෙක් හා සිහසුන වෙනුවෙන් යුධ වදින රැජිණක් ගැන ලියවෙන කතාවක්...❤ ආදරය , වෛරය , ප්‍රේමය , වේදනාව , සහෝදර බැදීම එක්ක ගලාගෙන යන කතාවක්......❤ කාලතරණය...