පසුවදන ~ 🖤

265 44 80
                                    

My Empress ✨️🖤
පසුවදන~🌺

දෙමසකට පසු~
___________________________________

"ජිමින්...ජිමිනා....

"ඔව් හ්‍යුන්ග්...."

"දැන් වෙලාව කීයද..ඔයා තාම ලෑස්ති නැත්ද...ආහ්..."

උදේම කලබලෙන් ලෑස්ති වෙවී හිටපු මට පහළින් ඇහුණේ ජින් හ්‍යුන්ගෙ කටහඩ.
බිම තිබුණ ඇදුම් ටික එහෙමම කකුලෙන් අයින් කරපු මම, බෑග් එක කරට දාගෙන සපත්තු දෙකත් අතට අරගෙන ඇදුම් උඩින් පැනලා කාමරෙන් එළියට ආවේ එක පිම්මට...

"මේ එනවා හ්‍යුන්ග්...පොඩ්ඩක් ඔහොම ඉන්න..."

"මේ මිනිහා කවද වෙලාවට වැඩ කරන්න පුරුදු වෙයිද දන්නේ නැහැ..." ජින් හ්‍යුන්ග් පුරුදු විදිහට මට කෑගහනවා කාලෙකට පස්සෙ ලෑස්ති වෙන නිසාදෝ මට දැන් උදේම ඇහැරෙන්නෙත් නැහැ...

"අහ් මන් මේ ආවා...අපි යමු...."මන් එක කකුලෙන් ඉස්සරහට ඇවිදන් ආවේ අනික් කකුලට සපත්තුව දාන ගමන්...

"මුලින් ඔය සපත්තුව දාගෙන ඉන්නවා..."
පුටුවෙ කකුලක් පිට කකුලක් දාන් හිටපු සුගා හ්‍යුන්ග් මට පල් හිනාවක් දැම්මා...

"හරි..හරි..." අනික් සපත්තුවත් දාගෙන මම පඩිපෙළ බැහැලා පහළ සාලෙට ආවා..

"බලන්න ජිමින් ඔයාගේ හැටි... ජින් හ්‍යුන්ග් කිව්වේ මගෙ කොණ්ඩෙ හදන ගමන්..හදිස්සියට කොණ්ඩෙ පීරන්නත් අමතක වුණා මට ...

"ඔය අපිට අටට නැගිට්ට කිව්වට ශුවර් එකට මූ නැගිටලා තියෙන්නේ නවයට..."
පැත්තක හිටපු ටේ මට හිනාවෙලා කිව්වේ ජින් හ්‍යුන්ග්ව අවුස්සන්න...

"නැහැ....නැහැ...මන් ඇත්තටම අටට නැගිට්ටා..හැබැයි ආපහු ටිකක් නින්ද ගියා.." මන් මූණ ඇඹුල් කරගෙන මගෙ ඇදුම හදන ජින් හ්‍යුන්ග් දිහා බැලුවේ අනුකම්පාව ගන්න හිතාගෙන...

"අනේ මන්දා ඔයානම් ජිමිනා....පොඩ්ඩක් පිළිවළට ඉන්නවකෝ..
ශියෑන්වලත් මෙහෙමද දන්නේ නෑ ඉන්න ඇත්තේ..." ජින් හ්‍යුන්ග් මගෙ කොළර් එකත් හැදුවා...

"යාහ්...මම ශියෑන් වල රජතුමා..මට එහෙ වැඩ කරලා දෙන්න දාසියෝ ඕන තරම් හිටියා..." කිඅලා මම ඇහි බැමි ඉස්සුවේ ආඩම්බර ලුක් එකක් පෙන්නන්න ඕනවට...

My Empress 🖤️✨ ( Sinhala Ff ) Complete Where stories live. Discover now