1) ශියෑන් රාජධානිය...
වර්ෂ 1800 වන විට කොරියාවේ දකුණු ප්‍රදේශය ආශ්‍රිතව (චීනයේ වයඹ දෙසට ආසන්නව) බිහිවුණ කුඩා රාජධානි අතරින් ප්‍රධානතම රාජධානිය ශියෑන්.....
තවත් ප්‍රධාන රාජධානි තුනක් වන ශින්ජු රාජධානියට දකුණිනුත් , වින්හේ රාජධානියට වයඹිනුත් , චැන්හීන් රාජධානියට නිරිත දිශාවෙනුත් පිහිටලා තිබෙන මෙම රාජධානිය , ස්වභාව සෞන්දර්යයෙන් පිරිපුන් රාජධානියක්.මෙම රාජධානිය අනුවර්තන නාමය ලෙස විහග රාජධානිය ලෙස හැදින්වීමට ප්‍රධානතම හේතුව නම් මෙම රජධානිය ජනතා නිදහස මූලික කරගෙන පාලනය කිරීමයි. මෙහි පළමු නිර්මාතෘ කලාකාරයෙකු වීමද නිදහස සහ කලාව මූලික කිරීමද මෙම රාජධානිය එසේ හැදින්වීමට හේතු වෙනවා.....
රාජධානියේ නම - ශියෑන් (විහග රාජධානිය)
ආරම්භක පරම්පරාව - කිම් වැන්ග්
සoකේතය - පරවියෙක්( තටු සලා ඉහළට පියාඹන)
වර්ණය - නිල් සහ සුදු
මාළිගාවේ නම - යුන්පිo
නගරයේ නම - ශියෑන්
ගම් - (රාජධානිය ප්‍රධාන ගම් පහකින් සමන්විත වේ..[ශියෑන්වූ ,යුන්සo, චැo , වින්හූ ,හ්වැo , ඕශීන් ]විශේෂ තොරතුරු 🌟
⭕ දැන්වන විට ශින්ජු රාජධානිය ශියෑන් රාජධානියේ යටත් රාජධානියක් වන අතර එහි පාලනය රැජිණගේ අනුග්‍රාහක පාලකයන් විසින් ගෙනයයි......
⭕ කිම් වැන්ග් පරම්පරාවේ අවසාන සාමාජිකයා සුයෝන් රැජිණ වන අතර මීට වසර පහළවකට පෙර අභ්‍යන්තර හා බාහිර ගැටලු වල ප්‍රතිඵලයක් වශයෙන් කැරලිකරුවන්ගේ අනපේක්ෂිත ප්‍රහාරයකින් මුලු රජ පවුලම සමූල ඝාතනය විය.
⭕ මීට වසර පහකට පෙර විශාල සේනාවක් සමග පැමිණි රැජිණ කැරලිකරුවන් මර්ධනය කර රජකමට පත් වූ අතර රජ කම ලබාගත් විගස රැජිණ විසින් ශින්ජු රාජධානිය යටත් කරගන්න විය..
⭕ යටත් කිරීමකට වඩා එය ශින්ජු රාජ්‍ය බලය විනාශ කිරීමක් වැනි විය. ඊට හේතුවක් ලෙස යුo සෙන්ග් (ශින්ජු රජු) කැරලිකාර පාලනයට උදව් කිරීම දැක්විය හැකිය. ඔහු තමන්ගේ රාජධානියේ ජනතාව දැසි දාසයන් ලෙස ශියෑන් කරා යැව්වේය..

YOU ARE READING
My Empress 🖤️✨ ( Sinhala Ff ) Complete
Fanfictionඅතීතයේ හදවතකට පෙම් බැදි කාලතරණය කළ ගායකයෙක්.... 🌹 මේ Story එක කාලතරණ කතාවක්...අතීත රාජධානියකට ගිය ගායකයෙක් හා සිහසුන වෙනුවෙන් යුධ වදින රැජිණක් ගැන ලියවෙන කතාවක්...❤ ආදරය , වෛරය , ප්‍රේමය , වේදනාව , සහෝදර බැදීම එක්ක ගලාගෙන යන කතාවක්......❤ කාලතරණය...