My Empress 🖤️✨
Chapter : 03 👑
_____________________________________________
වැළලී ගිය අතීතයක්......
අලුත් කල ගායකයෙක්.........
_____________________________________________💬 මම ජිමින්ව මගේ අයිඩල් විදිහට තෝරගත්ත එක ගැන දැන් ගොඩක් පසුතැවෙනවා......
💬 ජිමින් දැන් පරණ තරුවක්....එයා වෙනුවට අපි අලුත් තරුවක් ඒ තැනට ගේන්න ඕනෙ....
💬 ජිමින් කියන්නෙ පාරාජිතයෙක්. දැන් එයා ජීවත් උනා කියලත් වැඩක් නැහැ.....
💬 ජිමින්ගෙන් ඈත් වෙලා අපි බේක් කියුoට එකතු වෙමු.....
💬 ජිමින් කියන්නෙ පෞර්ශයක් නැති කෙනෙක්. එයා මියුසික් ඉන්ඩස්ට්‍රි එකෙන් අයින් වෙලා යන්න ඕනෙ........
💬 ජිමින් හැමතැනින්ම රිජෙක්ට් වුණ කෙනෙක්.....
එයා දැන් සින්ගින් , ඩාන්සින් අතිනුත් ගොඩක් දුර්වලයි.....මේ කෙමෙන්ට්ස් කියෙව්වට පස්සෙ මට මන් ගැන ලොකු පරාජිත හැගීමක් දැනුනා. මගේ ඇස් වල කදුලු පිරුනා. මීට කලින් මේ වගේ දේවල් කීපසැරයක්ම හේටර්ස්ලාගෙන් වෙලා තිබුණත් මුලින් මාත් එක්ක හිටිය මගේම අය මන් ගැන මෙහෙම කතා කරද්දි මට ඒ වේදනාව දරාගන්න බැරි උනා.......
මෙච්චර කල් ජීවිතේ ආව හැම ප්‍රශ්නයක්ම , හැම දුකක්ම දරාගෙන හිටියේ මගේ ෆෑන්ස්ලා නිසා , අන්තිමට එයාලත් මාව අතෑරලා දාලා...
මෙහෙම වේදනාවෙන් ජීවත් වෙනවට වඩා මැරෙනවා හොදයි කියලා මොහොතකට මට හිතුනා. කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා කිව්වට මගේ ජීවිතේ මෙහෙම වෙනස් වෙයි කියලා මන් හීනෙකින්වත් හිතුවෙ නෑ.මගේ මුළු ජීවිතේම මගෙ ඇස් ඉස්සරහ කඩන් වැටිලා වගේ වේදනාකරි හැගීමක් මට දැනුණා....මට කවමදාවත් ඕනෙ උනේ නැහැ මන් නිසා කාටවත් පසුතැවීමක් ඇති වෙනවට. ටේ එයාට පුලුවන් විදිහට මන් වෙනුවෙන් කතා කරලා තිබුණා. මට වගේම එයාලටත් මේක ලොකු වේදනාවක් කියලා මම දන්නවා. මෙච්චර දවස් මගෙන් මේක හoගගෙන , එයාලා කොච්චරනම් හිතින් දුක් විදින්න ඇත්ද.....
අන්තිමට මට මගෙන්ම අහන්න උත්තර නැති ප්‍රශ්න ගොන්නක් ඉතුරු උනා......
කවුරු කොහොම පිළිගත්තත් නැතත් මම දන්නෙ එක දෙයයි , ඒ මම ගායකයෙක් කියලා විතරයි........

YOU ARE READING
My Empress 🖤️✨ ( Sinhala Ff ) Complete
Fiksi Penggemarඅතීතයේ හදවතකට පෙම් බැදි කාලතරණය කළ ගායකයෙක්.... 🌹 මේ Story එක කාලතරණ කතාවක්...අතීත රාජධානියකට ගිය ගායකයෙක් හා සිහසුන වෙනුවෙන් යුධ වදින රැජිණක් ගැන ලියවෙන කතාවක්...❤ ආදරය , වෛරය , ප්‍රේමය , වේදනාව , සහෝදර බැදීම එක්ක ගලාගෙන යන කතාවක්......❤ කාලතරණය...