"ජ....න්කූ....." ටේහ්‍යුන් ජන්කුක්ගේ වදන් වලින් සැබවින්ම බියට පත් විය..
"කුමක්ද ඔ..බ කරුනු..යෙ....??"
ටේහ්‍යුන් ජන්කුක් ට දණ්ඩන නියම වෙතැයි බිය වුවත් ජන්කුක් ට අවශ්‍ය වූයේද දණ්ඩනයි.ටේහ්‍යුන්ට දඩුවම් ලැබේ නම් තමාටත් ලැබිය යුතු වග ඔහු තරයේ විශ්වාස කළේය.
"ජන්කුක්!!" රජු කෑ ගැසුවේ ආවේගයෙන්ය.
"ඔබව රාජ්‍යයෙන් නෙරපනවා........ නැවතත් මා ඉදිරියට පැමිණියොත් ඔබගෙ ඔය කෙලින් තියාගෙන සිටින හිස කඳෙන් වෙන්වේවී!!"
රාජ නියෝගය සමග ජන්කුක් නැගී සිටියේය.
"දණ්ඩනය පිලි ගන්නවා මහ රජතුමනි" හිස නමා ආචාර කල ජන්කුක් බලාපොරොත්තු සුන්වී සිටින යොන්ෂූ දෙස බැලුවේය.
ජන්කුක්ටද ටේහ්‍යුන් සමගම මියැදීමට අවශ්‍ය උවත් අඩුම තරමින් ඔහුට ඇලීනා කුමරිය හා විවාහ වී යොන්ෂූගේ බලාපොරොත්තු සපල කිරීමට උදව් කිරීමට සිදු නොවීම පිලිබඳව ඇත්තෙන්ම ඔහු සතුටු විය.
"සෙබලුනි, මොහුව පිටතට රැගෙන යන්න!!"
සෙබලුන් පැමිණ ජන්කුක් ව අල්ල ගනිද්දී ජන්කුක් ටේහ්‍යුන් දෙස බැලුවේය."මා ඔබ එන තුරු බලා සිටින්නම්..." ජන්කුක් කීවේය සිනා සීය.
"මහ රජතුමනි" ජන්කුක් ව සෙබලුන් රැගෙන යන විට ටේහ්‍යුන් ප්‍රථම වතාවට කටහඬ අවදි කලේ රැස්ව සිටින්නන් පුදුම කරමින්ය.
"කුමක්ද?"
"මා... හට අවසන් ඉල්ලීමක් තිබෙනවා.."
"පවසන්න" මහ රජු ඉදිරිය බලා කීවේ මිය යෑමට නියමිත පුද්ගලයෙකුගේ අවසන් ඉල්ලීම ඉටුකිරීමට රජු සෑම විටම සංස්කෘතිකව බැඳී සිටින බැවින්ය.
"ම..හ රජතුමනි, මගේ අවසන් ඉල්ලීම...... කරුණාකර මා මිය යන තෙක් රජකුමරුට මෙහි රැඳෙන්න දෙන්න.... කරුණාකර........"
ටේහ්‍යුන් බිම බලාගෙන කෙඳිරුවේය."මැණික.. ඔබ කෙසේද එසේ..? මට නොහැකි... මට ඔබ මිය යනු දැකිය නොහැකි......."
ජන්කුක් කෑ ගැසුවේ උමතුවෙන්ය."ජන්කුක්....... මම නෑ මියැදෙනුයේ.... ඔබමයි පැවසුවේ ඔබ ප්‍රේම කලේ ටේහ්‍යුන් හට මිස ඔහුගෙ ශරීරයට නොවන වග... ඔහුගේ පිරිසිදු ආත්මයට වග ඔබයි පැවසුවේ.... ජන්කූ.. මගේ අපිරිසිදු ශරීරය මිය ගියත් ජන්කුක් ට පෙම් කල , ජන්කුක් ඔහුට පෙරලා පෙම්කල ටේහ්‍යුන්ගෙ ආත්මය සැමදා ජීවත් වේවි........"
![](https://img.wattpad.com/cover/285116427-288-k309485.jpg)
YOU ARE READING
ᴠɪʀɢɪɴ ʜᴇᴀʀᴛ | TK ✓
Romance"ඔයාට ආදරය කරන්න මට ඔයත් එක්ක නිදා ගන්නම ඕනෙ නෑ ටේහ්‍යුන් , අතින්වත් අල්ලන්නෙ නැතිව, දකින්නෙවත් නැතිව ලියවෙන ආදර කතා කතා හරිම ලස්සනයි" -ජන්කුක්- •taekook love •Top kook •Bottom tae cover credit goes to : @callista_taeyeon Started date- 2021 Sep 14 ...