දෙවන කොටස

1.8K 456 126
                                    

"තමුසෙට මම ආයෙ කියන්නෑ... ඒ ගුබ්බෑයම් අස්සෙ රිංගලා මට අහු වෙන්න එපා.... අර අහිංසක අම්මා තාත්තා දුක් වෙන නිසා තමා මම කිව්වෙ නැත්තෙ උඹ කොල්ලෙක්ව යට කරගෙන හිටියා කියලා... ඒ මිනිස්සු අමාරුවෙන් හම්බ කරන සල්ලි තොගෙ අහවල් එක අස්සෙ දාගන්න බලාගෙන ඉන්න කොල්ලෙක්ට පූජා කරලා එන්න තමුසෙට පිස්සුද යකො??  බලාගෙනයි මට ආයෙ අහු උනොත්..."

ගෙදර ආවට පස්සෙ තවමත් වෙරිමතින් සිටි කායිව ඇඳ මතට තල්ලු කරපු ජන්කුක් කෑ ගැහුවෙ දැනුන තරහට.

"එයාලා ලස්සනයි."
කායි වෙරි මරගාතෙ හිමීට කොඳුරන කොට ජන්කුක් ගෙ කෝපය දෙගුණ තෙගුණ උනා.

"තමුසෙට පිස්සුද යකො. උන් කොල්ලො.....? ඒක නීති විරෝධී තැනක්... උන්ට මොන මොන ලෙඩ තියනවා ද දන්නෑ ලස්සනට හිටියට."

"ඒත් ලස්සනයි.... ජන්කුක් දැක්කා ද අද හිටපු කොල්ලා... ඌ කෙඳිරි ගානකොට මාරයි....... ඌ මාරයි අයියෙ.....  අනික ඌ හරිම තදයි. ලස්සනයි.. ආස හිතෙනවා.."

කායි කිව්වෙ දෙතොල් තෙත් කර ගන්න ගමන්....

"අයියට බැයිද මට ඌට ගෙනත් දෙන්න..? ඌත් එක්ක නිදා ගන්න තියනවා නම් මට වෙන මොකුත් එපා."

"ඔයා වෙරි වෙලා කායි.... නිදා ගන්න උත්සාහ කරන්න...."

තමන්ගේ අතත් අල්ලගෙන ආයාචනා කරන කායිව ආපහු ඇඳ උඩට තල්ලු කරන ගමන් ජන්කුක් එතනින් යන්න ගියෙ අප්‍රසන්න තාවයක් දැනෙනකොට.

"ශික් අප්‍රසන්නයි මේ මිනිස්සු. තමන්ගෙ ඇඟ වෙන මිනිහෙක්ට විකුණන්න පුලුවන් ද? ෂිට්"

තමාටම කියා ගත්ත ජන්කුක් ෂවර් එක යටට ගිහින් හිට ගත්තෙ දැනුන තරහ ටිකක් හරි නිවා ගන්න හිතාන.


වර්ෂ 1882

ජන්කුක් හා ටේහ්‍යුන් සූර්යය බැස යන හැන්දෑවේ හිරු එලියේ පහස විදිමින් ඇවිද යන්නට වූයේ එකිනෙකාගේ දෑත් පටලවගෙනය.

සාමාන්‍යය ජනතාව මෙන් වෙස් වලාගෙන මාලිගයේ සැප සම්පත් වලින් සදහටම මිදී, කිරුල තම බාල සොහොයුරු ජිමින්ට පවරා, රහසේම ටේහ්‍යුන් සමග යන ගමන පුරාවට ජන්කුක් ට දැනුනේ රටක් රාජ්‍යයක් හිමිකර ගත්තාක් මෙන් සතුටක් .

ᴠɪʀɢɪɴ ʜᴇᴀʀᴛ | TK ✓Onde histórias criam vida. Descubra agora