special chap

1.2K 313 198
                                    

"අයියේ..... ඉක්මනට එන්නෝ...."

"මේ එනවා ඇලීනා"
ඇලීනාගෙ කෑ ගැහිල්ල නිසා  කල්පනා වෙන් මිදුන ටේහ්‍යුන් දුවගෙන ආවා.

"අයියේ... හොඳ අයියා වගේ අර බැලුම් ටික පුම්බන්න කෝ.. ජන්කුක් අයියා එන්නත් ළඟයි. අර පොඩි උන් දෙන්නාට කිව්වට කරන්නෑ, කොහෙ ගිහිල්ලා ද මන්දා"

ඇලීනා කිව්වේ රෝල්ස් බදින ගමන්.

"ආ හරි හරි. මම කරන්නම්."
ඇලීනාට සිනහවකින් සංග්‍රහ කරපු ටේහ්‍යුන් ඉක්මනට සාලයට දිව්වා.

"ටේ.... කෝ අර මහ එකා"
ටේහ්‍යුන් ගාවට එන ගමන් ජියොන් මහත්මිය අහනකොට ටේහ්‍යුන්ට හිනා ගියා.

"තාත්තා ටීවී බලනවා අම්මෙ."

"අනේ ඇත්තට මේකා. බලන්නකො මම කිව්වනෙ ඩෙකරේෂසන් ටික හරියට කරන්න කියලා. මේ මිනිහා ටීවී බලනවා. තාම එක ඩෙකරේෂන් එකක් වත් කරලා නෑ. කෝ අර කායි...... කායි... කායි......"

ටේහ්‍යුන් එක්ක කතා කලාටත් වඩා තමන් එක්කම කතා කරපු   ජියොන් මහත්මිය  කෑ ගහන ගමන් යන හැටි ටේහ්‍යුන් සිනහ මුසු මුහුණින් බලාගෙන හිටියා.


මීට අවුරුදු 7කට පෙර තමන්ට ජන්කුක්ව අහම්බෙන් හමු උන අයුරු සහ ඔහු නිසා තමන්ගෙ ජීවිතයෙ තමා කිසිදිනෙක හිතුවේ වත් නැති පිටුවක් පෙරලුනු අයුරු ටේහ්‍යුන් සිහිපත් කලෙ ආදරයෙන් වගේම සතුටින්.

ඔහු ජන්කුක් ඔහුට දුන් ආදරයට ආදරය කලා.

ඔව්.

ජන්කුක් ඔහුට ආදරය යන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරය ලබා දුන්නා.

විවාහ උනාට පස්සේ ඔවුන් එක වතාවක් වත් කායිකව එකතු උනෙ නැති උනාට, හැමදාම ඔවුන් සදහටම මනසින් එකතු වෙලා හිටියා. ටේහ්‍යුන් මේ බැඳිමට පුදුමාකාර විදියට ආදරය කලා.

කාලයක් ගත වෙනකොට ජන්කුක් ටේහ්‍යුන් පුංචි දරුවෙක්ව හදා ගන්න ගත්තා. ඒ වගේම ඇලීනා ප්‍රෙග්නන්ට් උනේ ඔවුන්ගෙ පවුලට අලුත් සාමාජිකයන් දෙන්නෙක් එකතු කරන ගමන්.

අද...

ජන්කුක් ගෙ 32වෙනි උපන්දිනය. හැමදාමත් වගේ තමන්ගෙ ආදරවන්තයාට මොකක් හරි විශේෂ දෙයක් කරන්න ටේහ්‍යුන්ට ඕනෙ උනා.
ඔව්.
ටේහ්‍යුන් දැනගෙන හිටියා ජන්කුක් ඔහුගෙන් එවැන්නක් කවදාවත් බලාපොරොත්තු වෙන්නෙ නැති බව. ඔහුට ඕනෙ උනේ නෑ අඩුම තරමේ ටේහ්‍යුන්ගෙන් එක සිප ගැනීමක් වත්.

ᴠɪʀɢɪɴ ʜᴇᴀʀᴛ | TK ✓Donde viven las historias. Descúbrelo ahora