සතරවෙනි කොටස

1.7K 436 73
                                    

වර්ෂ 1882

"ටේහ්‍යුන්.... බලන්න..... මෙය මා ඔබ වෙනුවෙන් මෙය ජිමින් ලවා පිලියෙල කලේ......."

"කුමරුනි....?"
ගම්මානයට ගිය අනතුරුව ජන්කුක් පෙන්වූ නිවස දෙස බලාගෙන ටේහ්‍යුන් පුදුමෙන් කීවේය...

"මා දන්නවා මෙය විශාල නැති වග. නමුත් ගම්මානයක විශාල නිවසක් තැනිය නොහැකියි නේ...."

"කුමරුනි.... මෙය ඕනෙවටත් වඩා ප්‍රමාණවත්....."

"යමුද.... ඇතුලට ප්‍රථම රාත්‍රිය උදෙසා....." අවටින් වැටෙන අඳුර දෙස බලමින් ජන්කුක් ටේහ්‍යුන් දෙස බලා සිනාසුනේය.

ජන්කුක් ගේ පපුවට පහරක් ගැසූ ටේහ්‍යුන් සිනා සෙමින් ගෙතුලට දිව ගියේය....

"ටේහ්‍යුන් ස්නානය කරන්න.... ඔබ ලඟ දාදිය ගඳයි..." ජන්කුක් පිටත සිටම කෑ ගැසුවේය...

"හා සැබෑ ද කුමරුනි..." ටේහ්‍යුන්ගේ කෝපයට පත් කටහඬ නිවස තුළින් ඇසෙද්දී ජන්කුක් සිනාසෙමින් ඔහුව අනුගමනය කලේය...

හෝරා කිහිපයකට පසු ටේහ්‍යුන් සයන මත වැතිරී වී ජන්කුක් පැමිණෙන තෙක් බලා සිටියේය.

"ජන්කුක්....?" ස්නානය කර පැමිණෙන ජන්කුක් සමග සිනාසුනු ටේහ්‍යුන් සයන මත අසුන් ගත්තේ ඔහුව බලාපොරොත්තුවෙනි...

"පැමිනෙන්නකෝ ජන්කුක්" සයන මත සිට ඔහු දෙස බලා සිනා සෙන ජන්කුක්ට දෑත් දිගු කරමින් ටේහ්‍යුන් කීවේය.

මොහොතක් ටේහ්‍යුන් දෙස බලාගෙන හිටි ජන්කුක් සයන මතට නැග ටේහ්‍යුන්ගේ පසෙකින්  වැතිරුනේය.

"තුරුලු වෙන්න මට..." පුදුමයෙන් ඔහු දෙස බලා සිටින ටේහ්‍යුන් සමග සිනාසුනු ජන්කුක් කීවේය.

"ආ....?"

"තුරුලු වෙන්න නොහැකිද??"

"ජන්කුක්... මෙය අපේ පලමු රාත්‍රිය නොවේද?"

"ඉතින්....?"

"මගෙන් කිසිවක් අවශ්‍ය නැතිද ඔබට.....?"

"අවශ්‍යයි..." ජනකුක් සිනාසෙමින් ටේහ්‍යුන්ගේ මුහුණට එබුනේය.

"එහෙනම් ගන්න..."

"ඔබ දෙන්න....."

"ආ...?" මොහොතක් කල්පනා කල ටේහ්‍යුන් ඔහු ඇඳ සිටි දුහුල් කමිසයේ බොත්තම් ගැලවීමට උත්සාහ කලත් ජන්කුක් ඔහුගේ දෑත් අල්ලා ගත් නිසා ඔහු එය නැවැත්තුවේය.

ᴠɪʀɢɪɴ ʜᴇᴀʀᴛ | TK ✓Donde viven las historias. Descúbrelo ahora