දාහත් වන කොටස

1.5K 425 151
                                    

ටේහ්‍යුන් නැගිට්ටෙ තිරණයක් අරගෙන...

"ජින් පේන්න නැත්තෙ වේලාසන නිදාගෙන වෙන්න ඕනෙ"

තමාටම කියා ගත්ත ටේහ්‍යුන් තමන්ට ජින් හදිස්සියකට කියලා දීලා තිබුණු මුදලත් අරගෙන ඉක්මනට හොටෙල් එකේ පිටිපස්ස දොරෙන් එලියට ආවා.

"මට සමාවෙන්න ජින්.... ඔයාගෙ ටේට සමාව දෙන්න.....මට තවත් බෑ...... මම යනවා......"

මේ දැනෙන වේදනාව තවත් ඉවසන්න බැරි තරමටම ටේහ්‍යුන්ට හුඟක් මහන්සි දැනුනා
ටේහ්‍යුන්ට දැණුනෙ තමන්ගෙ පපුවෙ පැත්තක් වේදනා දෙනවා වගේ. උදේ ඉඳන් සිදු උන සිදුවීම් පෙල එක දිගට ටේහ්‍යුන්ට මතක් වෙද්දි තවත් මේ ලෝකෙ ජීවත් වෙලා ඇති තේරුම මොකක්ද කියලා හිතුනා.

ඔහුට දැණුනෙ වේදනාවක්

පාළුවක්

මිනිසුන් සිය දහස් ගානක් හිටියත් ඔහුට දැනුනා තමන් තනි වෙලා කියලා.

බස් එකක් එනකම් හෝල්ට් එකේ වාඩි වෙලා හිටපු ටේහ්‍යුන් පැයකට විතර පස්සෙ ආපු ටේජන් බලා යන බස් එකට නැගලා අසුනකට බර උනා

පැයක විතර ගමනිකින් ටේජන් නදිය ගාව හිටගෙන හිටපු ටේහ්‍යුන්ට හිතුනෙ දැන් රාත්‍රී දහයත් පසු වෙලා ඇති කියලා.

ලොකු හුස්මක් ගත්ත ටේහ්‍යුන් හිමීට ගංගාව ලඟට ගිහින්, හිටගෙන බලාගෙන හිටියා.

ටේජන් නදියෙන් එන සුළඟ ටේහ්‍යුන්ව සැනසුවා. සෑම දුකක් ම ටේජන් සුළග ඇවිත් ටේහ්‍යුන්ටත් හොරෙන් ඔහුගෙන් ඉවතට අරගෙන යනවා වගේ ටේහ්‍යුන්ට තේරුනා

ඒ සුළඟත් එක්ක මුසු වෙලා එන සුවඳට ටේහ්‍යුන් ආදරය කලා. ඒ සුළඟ ඔහුට සැනසීම ගෙනාවා.

කවදාටත් , කාටත් වඩා ටේජන් නදිය ඔහුගේ ගැලවුම් කරුව වගේ ටේහ්‍යුන්ට පෙනුනා ...

ඒත් මේ සතුට තාවකාලික යි නේද?

"එහෙනම්? ටේජන් ගංගාව මට සදාකාලික සැනසීම ගෙනත් දෙයිද?"

තමාගෙන්ම අසාගත්ත ටේහ්‍යුන් ටේජන් නදිය බලන්නට ආව සංචාරකයන් සඳහා ටේජන් නදිය පාමුල නිර්මාණය කරලා තියෙන විශාල අට්ටාලය ට නැග්ගා.

ᴠɪʀɢɪɴ ʜᴇᴀʀᴛ | TK ✓Onde histórias criam vida. Descubra agora