දහ අටවන කොටස

1.5K 403 109
                                    

බැස යන හිරු කිරණ ගස්වලට වැටිලා දිලිසෙනවා ජන්කුක් බලාගෙන හිටියා.

"ජන්කුක්............. පහලට එන්න"
තාත්තා කතා කරපු නිසා ජන්කුක් පහලට එන්න හැරුනෙ සිතුවිලි ගොන්නක අතරමං වෙලා. තව දුරටත් සිතන්නවත් , අඬන්නවත් පණක් ජන්කුක් ළග ඉතිරි වෙලා තිබුණෙ නෑ.

"තවත් බෑ ටේහ්‍යුන්..... ඇයි ඔයා මාව දාලා ගියේ.... ඔයා කොහෙද ඉන්නෙ? කොහෙද ගියේ..
..."

එදා ටේජන් නදිය ළඟ ටේහ්‍යුන්ව නතර කරලා ගියපු ජන්කුක් කෝපි අරගෙන ආපහු එනකොට ටේහ්‍යුන් පේන්න හිටියෙ නැති නිසා ජන්කුක් බලන්න පුලුවන් හැම තැනම බැලුවා

පැය ගානක් තෙත ඇඳුම් පිටින්ම ටේහ්‍යුන්ව හොයලා හොයලා හෙම්බත් උන ජන්කුක් ජින්ව හොයාගෙන ගියත් ජින් වත් සෝබින් වත් ටේහ්‍යුන් ඉන්න තැනක් ගැන දැනගෙන හිටියෙ නෑ.
ජිමින්, ජින්, සෝබින් , ජන්කුක් ටේහ්‍යුන්ව දවල් වරුව ඉවර වෙනකම්ම හෙව්වත් හම්බුනේ නෑ.

අන්තිමට ගෙදර ආව ජන්කුක් මේ සතිය පුරාවටම තමන්ගෙ ජීවිතේ ගත කලේ මැරුන මිනිහෙක් වගේ.

ඇලීනා එක්ක සිදු වන විවාහයට ජන්කුක් තමන්ගෙ කැමත්ත කිසිම විරෝදයක් නැතිව පළ කලේ , මැරුණු මිනිහෙක්ට සතුටක් හොයන්න කිසි අයිතියක් නැති නිසා.

දවස් දෙක තුනක් දැක්ක කොල්ලෙක් පිලිබඳ තමන්ගෙ හිතෙ තියන හැඟීම් පිලිබඳව ජන්කුක් පුදුම උනත් ඒ හැඟීම් වලට ජන්කුක් ගොඩක් ආදරය කලා.......

ජන්කුක් පහලට එනකොට ඇලීනා සහ ඇලීනාගෙ සොහොයුරා යොන්ෂූ ජන්කුක් එක්ක හිනා උනත් පෙරලා ඔවුන් එක්ක හිනා වෙන්න බැරි තරමටම ජන්කුක්ට හුඟක් මහන්සි දැනුනා.

ඔලුව නමලා ඇලීනාට හා යොන්ෂූට ආචාර කරපු ජන්කුක් ඇලීනා ගාවින් වාඩි උනා.

"අනිද්දා එන්ගේජ්මන්ට් එක තියමු. ඉක්මනට ජන්කුක්ගෙ වෙඩින් එක අරගෙන මේ බිස්නස් වලින් ඉක්මනට නිදහස් වෙන්නයි මගෙ කල්පනාව......."

මිස්ටර් ජියොන් කිව්වෙ ජන්කුක් ගෙ අම්මාගෙ කරට අත දාන ගමන්

"ඊට පස්සේ අපි දෙන්නට නිදහසේ ඉන්න බැරියෑ.... නැද්ද?"

"යන්න අනේ....." ජන්කුක් ගෙ අම්මා හිනා වෙන ගමන් මිස්ටර් ජියොන් ගෙ අත තල්ලු කරලා දැම්මා.

ᴠɪʀɢɪɴ ʜᴇᴀʀᴛ | TK ✓Tempat cerita menjadi hidup. Temukan sekarang