දහතුන්වන කොටස

1.5K 426 132
                                    

ජන්කුක් ජිමින්වත් ඇදගෙන කෙලින්ම ආවෙ ජින් ගෙ හොටෙල් එකට....

"ඕයි ජින් අයියේ......"
ජින්ව දැක්ක ගමන් පාර දිගේ ජන්කුක් ට බැන බැන ආව ජිමින් ගිහින් ඇඟේ එල්ලුනත් ජන්කුක් ආවෙ ගැඹුරු කල්පනාවක

"කොහෙද ටේහ්‍යුන්.....?" ඇතුලට ආව ගමන් ජන්කුක් ජින් ගෙන් ඇහුවා.

"අන්න ඇතුළෙ ඉන්නවා ..... එදා කාමරේමයි..."

"හරි තැන්කූ" ජන්කුක් යන්න හැරුනා.

"කුක්කා... උඹ කොච්චර කල් මෙහෙම කරනවාද?" ජිමින් ජන්කුක්ව නැවැත්තුවා.

"කොරමද?"

"නෑ බං... ටේහ්‍යුන්ව තියාගෙන, ඌ කවුද උඹේ... උඹ ඌව කලින් දන්නවාද? ඇයි මේ?"

"මම දන්නෑ බං මම දන්නෑ... මගෙන් අහන්න එපා ඇයි මම එයාට උදව් කරන්නෙ කියලා..  උඹ උත්තරේ දන්නවා නම් ඒක මට කියපන්... මම දන්නෑ..." ජන්කුක් කිව්වෙ අහක බලාගෙන.

"හරී... ඌව දැන් කියන්නෙ කොහෙද කියපන් මුලින්ම?"

"ජින්... එයාව ටික කාලෙකට තියාගන්න පුළුවන් නේද? හානෙ?"
ජන්කුක් අහනකොට ජින් ඔලුව වැනුවෙ ජන්කුක් ගෙ මූණ බලාගෙන බෑ කියන්න බැරි නිසා.

"අනේ මන්දා බං.. උඹ ජීවිත කාලෙම ඌව බලාගන්න ද හදන්නෙ... ඌ කවුද උඹේ... උඹට පිස්සු ජන්කුක්... හොදටම පිස්සු.. උඹ සාමාන්‍ය යෙන් ඔහොම එකෙක් නෙවේ..."

"මම බලලා එන්නම්...... ඔයාලා දෙන්නා ඉන්නකො...."

ජිමින්ව නොසලකා හැරපු ජන්කුක් ටේහ්‍යුන්ව හොයාගෙන ඉක්මනට කාමරයට  දිව්වා.







"ටේහ්‍යුන්?"
ඇදේ වැතිරිලා ඉන්න ටේහ්‍යුන් දිහා බලන ගමන් ජන්කුක් කෙඳිරුවා.

"ජන්කුක්......?"

"මම ආවා...... ඔයා හොඳින් නේද??"

"ඔව්..... ජන්කුක්..... ජන්කුක්...."

"ඔව්... ජන්කුක් තමා.... මොකෝ කෑවද?"

"ජන්කුක් මම ගාව මේවට ගෙවන්න සල්ලි නෑ... මට සල්ලි දෙන්න පුලුවන් එකම විදියයි තියෙන්නෙ ඒකටත් ඔයා කැමති නෑ....."
ටේහ්‍යුන් අසරණව බිම බලාගෙන කිව්වා.

ᴠɪʀɢɪɴ ʜᴇᴀʀᴛ | TK ✓Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ