" ඔයා කැමතිද මෙතන්ට.."" ඔව් කුකී..මම පුංචි කාලෙ ආවට පස්සෙ අද තමයි මෙතන්ට ආවෙ..ගොඩක් ලස්සනයි..."
සේයාගෙ හිත කවදාවත් නැති තරම් සතුටින් පිරිලා..හිතේ තිබුන ප්‍රශ්න ටිකකට අමතක කරපු සේයා කුකීගෙ අතින් අල්ලගත්තෙ කොල්ලවත් පුදුම කරල..
" ඇයි..මොකද ඔයා ඔහොම බලන්නෙ..මම අල්ලනවට කැමති නැද්ද.."
" අහ්..මේ..නෑ..මම කැමතියි..වෙනදට ඔයා ඔයා ඔහොම නෑනෙ..ඒකයි මම එහෙම බැලුවෙ.."
" කවද වෙනකන් එහෙම ඉන්නද කුකී..ඔයා දන්නවනෙ..මට හැමදේම නැති වෙලත් මම සතුටින් ඉන්නෙ ඔයාලා නිසා කියල..ඔයාව මට තවත් ඈතකින් තියාගන්න ඕනෙ නෑ.."
සේයා කුකීගෙ දිලිසෙමින් තියන ඇස් දෙක දිහා බලාගෙන තත්පර ගානක් ඉන්න ඇති..ආයෙත් සේයා කලේ කුකීගෙ අතේ එල්ලිලා පාර දිගෙ ඇවිදපු එක..පැය බාගයක් විතර ගියාට පස්සෙ දෙන්නම ඉදගත්තෙ ලස්සන බෙන්ච් එකක..සීතලත් ටික ටික වැඩි වෙනකොට සේයා තවත් කුකීට ලං උනා..කුකීගෙ උරහිස උඩින් ඔලුව තියාගත්ත සේයට දැනුනෙ ලොකු සැනසීමක්..ඒ වගේම නිදහසක්..කුකීට උනත් සේයව තත්පරේකටවත් ඈත් කරන්න ඕනෙ උනේ නෑ...මේ පාක් එකට එක්කගෙන ආපු එක ගැන කුකීට තිබ්බෙ ලොකු සතුටක්..
" සේයා.."
" ම්ම්ම් "
" ඔයා දන්නවද මම ඔයාට කැමති උනේ ඇයි කියලා.."
" මම් හ්ම්..දන්නෙ නෑ.."
" ඔයා ලස්සනයි..ඒ වගේම ගොඩක් ආඩම්බරයි..ඒකට තමයි මම කැමති උනේ..ඒක විතරක්යැ..ඔයාගෙ කටකාර කමට කැමති උනේ.."
" ආහ්..ඇත්තද..ඔයා දන්නවද මම ඇයි ඔයාට කැමතියි කිව්වෙ කියලා.."
" නෑනෙ.."
" ඔයාගෙ ඔය හා දත් දෙකටයි හිනාවටයි..අහිංසක කමටයි..මම ඒකට ගොඩක් කැමතියි.."
කුකී ආපහු ලස්සන හිනාවක් දාලා සේයා දිහා බලන් හිටියා..කොච්චර බලන් හිටියත් එපා නොවෙන ඈස් දෙකක් සේයාට තිබ්බෙ..ඒ නිහැඩියාව බිදිලා ගියෙ පිටිපස්සෙන් ඇහුනෙ කටහඩ නිසා..ඒ කටහඩ කවදාවත් අහන්න බලාපොරොත්තු උන එකක් නම් නෙවෙයි..
YOU ARE READING
sεcтяεт σωηεя || JJK [ ✔ ]
Fanfictionසතුට ගේන පුංචිම දේවල් ටිකක්හරි ඔයාට ඉතුරු වෙලා ඇතී..ඒත් ඒ හැමදේම එකින් එක ගොඩක් ඉක්මනින් නැති උනොත්..?