Episode 23 🌸

239 48 4
                                    


" කුකී...."

සේයා තාම නිදි නෑ.කුකීට නම් ටිකක් නින්ද ගිහින්.

" අෂ්..මේ කෙල්ල...ඒ පාර මොකද..."

කුකී ඇස් දෙකත් පිහ පිහ සේයාගෙ මූනට එබුනා...

🌸 මේ..මගෙ බඩේ කවුරුහරි කෑ ගහනවා...මේ...

🐰 මොනවද සේයා මේ කියවන්නෙ..පිස්සුද..

🌸 නෑ නෑ..මේ...අන්න ආයෙත් කෑ ගැහුවා...

සේයාට බඩගිනි වෙලා ඇයි ඉතින් උදේ ඉදල කාලා නෑනෙ...කුකී සේයාව හෙමීට කෙලින් කරල ඉන්දෙව්වා...

🐰 ඔයාට බඩගිනිද...ම්ම්ම්

🌸 හ්ම්..

🐰 එන්න අපි යන් පහලට ගිහින් මොනාහරි කමු..

කුකී සේයාවත් අල්ලගෙන ඇදෙන් බැස්සා..සේයත් වැනී වැනී කුකීගෙන් අල්ලගෙන පඩිපෙල බැස්සෙ හරියට පොඩි ලමයෙක් වගේ..වෙලාව පාන්දර එකයි..කුකී සේයාව පුටුවකින් ඉන්දවල කිචන් එකට ගියෙ කන්න මොනවද තියෙන්නෙ බලන්න..කෑම ටිකත් අරගෙන එන ටිකට කෙල්ල හිටපු තැන නෑ..

" ශ්..මේ කෙල්ල ඒ පාර කොහෙද ගියෙ..."

කුකී කෑම ටික මේසෙන් තියල යන්න හැරෙනකොටම කුකීගෙ කකුල වැදුනා තදට මොකේක හරි...ඔව් ඔව් ඒ සේයා..😂 ..බිමට වැටිලා නිදි..😂 කුකී සේයාව නැගිට්ටවල ආපහූ පුටුවෙන් ඉන්දෙව්වා...

" මේ සේයා..කෝ කන්න දැන් මේක.."

කුකී සැන්විච් එක අරගෙන සේයාට දික් කලා..

" ඊයා..මට එපා..ඉහ්*මට කන්න බෑ.."

" මේ කෙල්ල මාව සෙල්ලමකට අරගෙන ඉන්නෙ..පොඩ්ඩක් සැර කරන්න ඕනෙ නැත්තන් හරියන්නෙ නෑ..ඒයි මේ..සේයා..විකාර කරන්නෙ නැතුව මේක කනවා..නැත්තන් මම ගිල්ලනවා මේක..කනව ඉක්මනට.."

සේයා ඇස් දෙකත් ලොකු කරගෙන ඒවාගෙ යන්තන් කදුලූ පුරවගත්තා..ඉක්මනට තිබ්බ සැන්විච් ටික ඔක්කොම කෑවා..බීම එකත් බීලා කුකී දිහා බලල ඔලුව වැනුවෙ හරි කියන්න වගේ..කුකී සේයා දිහා හිනා වෙවී බලන් හිටියෙ කෙල්ල බයට ඔක්කොම ටික කාපු නිසා..කුකී සේයත් එක්ක උඩට යන්න ගියා..

" හරි..දැන් හොද ලමයා වගේ නිදාගන්න හොදද..මම යනවා.."

කුකී සේයාගෙ නලලට හාදුවක් තියල යන්න හැරුනා..

sεcтяεт σωηεя || JJK  [ ✔ ]Where stories live. Discover now