" අනේ ඔප්පා.."සේයා කාමරේට යනවාත් එක්කම අඩන්න පටන් ගත්තා..ජිමින්ව බදාගත්ත සේයා ජිමින්ගෙ ටී ශර්ට් එක තෙත් වෙනකන්ම ඇඩුවා..
" ඔ..ඔප්පා..ඇයි මටම මේ දේවල් වෙන්නෙ..දැ..දැක්කනෙ රාශෙල් කියපුව..ම..මට අම්මෙක් අප්පෙක් නැති එකි කිව්වා..."
සේයා ඉකි ගහ ගහ අඩනවා..ජිමින් සේයාගෙ ඔලුව අතගාන්න ගත්තෙ කියන්න දෙයක් හිතාගන්න බැරුව.ජිමින්ට නංගියෙක් නැති උනත් සේයා ගැන හිතුවෙ තමන්ගෙම නංගි වගේ..එයා විතරක් නෙවෙයි අනිත් හැමෝටමත්..කවුරුත් ඛැමති උනෙ නෑ සේයා දුකින් ඉන්නව බලන්න..අප්පා නැති උනාට පස්සෙ දුකින් හිටපු කෙල්ල සතුටින් ඉන්නව දැකලා කට්ටියම සතුටු උනා..ඒත් මේ රාශෙල්..ඒ හැමදේම එක තත්පරයෙන් නැති කලා..
" සේයා..කෝ..මේ බලන්න...අඩන්න එපා දැන්..අපි ඉන්නවනෙ ඔයාට.."
ජිමින් අමාරුවෙන් වචන ගැට ගහගෙන කතා කලා..ජිමින්ගෙත් ඇස් වල කදුලු පිරිලා තිබ්බෙ..මොනව කිව්වත් සේයා කලේ ජිමින්ව බදාගෙන තව තව අඩපු එක..ටික වෙලාවකින් නැම්ජුන් කාමරේට ආවා..ඒක දැකපු සේයා සැනෙන් නැම්ජුන්ව බදාගෙන අඩන්න පටන් ගත්තා..නැම්ජුන් ජිමින්ට ඔලුව වැනුවෙ ' මම බලාගන්නම්.ඔයා යන්න ' කියනව වගේ..ජිමිනුත් ඔලුව වනලා කාමරෙන් එලියට ආවා..
Namjoon's pov
කෙල්ල ජිමින් ලගත් හොදටම අඩලා..ඇස් දෙක හීනි වෙලා..මූනත් රතු වෙලා..සේයාට මේ විදිහට අඩන්නත් හොද නෑ..එයාගෙ depression levels අඩු කරගත්තෙත් ගොඩක් අමාරුවෙන්..
" සේයා..හොද ලමයනෙ...මේ බලන්නකො.."
මම සේයාව ඇදෙන් වාඩි කරන ගමන් මූනෙ තිබ්බ කදුලු පිහලා දැම්මා..මූන මැලවිලා ගිහින්..
" සේයා..මෙහෙම ඇඩුවට තේරුමක් තියේද..නෑනෙ..එදා කුකී අඩනකොට ඔයා කිව්ව නේද මේ වගේ වෙලාවට ඉවසගන්න ඕනෙ කියල.."
මම කතා කරනකොට කෙල්ල බිම බලාගෙන ඔලුව වැනුවා...පවු...අහිංසක කෙල්ල...
" ඒකනෙ...අහිංසක කෙල්ල උනාට වැඩ කොහොමද..මමත් බය උනා..."
මම එහෙම කියනකොට නම් කෙල්ල කදුලු අස්සෙන් හිමීට හිනා උනා..මට ඕනෙ උනෙත් ඒ දේම තමයි..
YOU ARE READING
sεcтяεт σωηεя || JJK [ ✔ ]
Fanficසතුට ගේන පුංචිම දේවල් ටිකක්හරි ඔයාට ඉතුරු වෙලා ඇතී..ඒත් ඒ හැමදේම එකින් එක ගොඩක් ඉක්මනින් නැති උනොත්..?