🍁 දෙවිවරු සහ අසුරයෝ අතර යුද්දයක් තිබ්බා.....
🌼 හෑ.......එයාලා මිත්යාවන්නේ....
🙂 පුරුදු පරිදි මගේ හැකර කට..
🌸 සද්ද නොකර අහගනින්..
😒 ලියා මට රැව්වා.
නොදකිම් මකරි..🍁 ඒ යුද්දයේ ප්‍රතිපලයක් උනේ එක කන්ඩායමක් දිනලා අනික පැරදෙන එක නෙමෙයි...අසුරයන්ගේ රජතුමා දෙවිවරුන්ගේ කුමරිය එක්ක ප්‍රේම සම්බන්දයක් ඇති කරගත්ත එක....මේකට කුමාරියගේ වැඩිමල් සහෝදරයා ගොඩක් විරුද්ද උනා....මොකද දෙවියන්ගේ රාජකීය ලේ හරිම බලවත්.....ඒ ලේ වලින් අසුරයෙක්ට දාව දරුවෙක් ලැබිලා ඒ දරුවා නපුරු පැත්තට ගියොත් එයාව නවත්තන්න දෙවිවරුන්ටවත් බැරි වෙන්න ඉඩ තිබ්බා.....අසුර රජු ජේහොන් දේව කුමරිය ස්නේහාව රවට්ටගෙනයි හිටියේ.....ස්නේහාගේ වැඩිමල් සහෝදරයා ලේසූන් තමා දෙවියන්ගේ රජු.....එයා ස්නේහාට ගොඩක් ආදරෙයි.....
ජේහෝන් තමන්ගේ නංගිව රවට්ටන් ඉන්නවා කියලා ලේසූන්ට තේරුනේ මුල් කාලෙදිමයි....මොකද ජේසූන් නිතරම ස්නේහාව විවාහ කරගන්න හදිස්සි උනා...එක දවසක්.....
🎯 ස්නේහා....ඔයාට ඔයාගේ සහෝදරයට වඩා කොහෙවත් යන කොල්ලෙක් වැදගත් උනාද......
🦄 අයියේ......මම එයාට ආදරෙයි....
🎯 එයා අසුරයෙක් ස්නේහා.......
🦄 ඒත්...........
ඒ එක්කම ජේහෝන්ට ඕන උනේ ලේසූන්ව මානසිකව වට්ටන්න....එයා ස්නේහව ඇදලා අරන් එයාව තදින් වැලද ගත්තා.....ලේසූන් හිටියේ ගොඩක් තරහින්....එයා පන වගේ ආදරේ කරපු සහෝදරිය තමන්ට ද්‍රෝහි වෙද්දි එයාට තව ඉවසන්න බැරි උනා.....ලේසූන් ගොඩක් බලවත්........එයා එයාගේ විශාල යශ්ටිය ස්නේහා , ජෙහෝන් දිහාට දික් කරා.......කරා " මේ මොහොතේ සිට දෙව් ලොව කිසිවෙකුටත් සොයා ගැනීමට නොහැකි වේවී.........අසුරයින් මුලු මනින්ම විනාශ වේවි.....ජේහෝන් සහ ස්නේහා කොටස් දෙකකට කැඩී යාවි......."
එකක් හැර හැම දේම උනා.....ජේහෝන්ගේ අසුර බලය සහ ශක්තිය නිසා ඔහු අංශු බවට විසිරී ගිහින් මියගිය අසුරයින්ට පන ආවා.....ඒ තමයි කලු මකරුන්ගේ උපත......ජේහෝන් පලවෙනි කලු මකරා......
YOU ARE READING
Dragon Heart✔️✔️
Short Storyපවිත්‍ර ලේ තියන සුදු මකරියක්...... මකර වංශ තුනේම අදි රජු වෙන්න මකර කුමරියව හොයන කලු මකරෙක්...... මේ මුකුත් නොදන්න මොංගල් කෙල්ලෙක්