දවස් කීපයක් නිකම්ම ගෙවිලා ගියා.....අපි ගොඩක් විනෝද උනා....විශේශෙන්ම ලියා ලාන්ස් දෙන්නා.......😂 උන් දෙන්නා සෙට් උනා.....😁
දවසක්......................................................
💎 ඉක්මන්ට ඔයාලා උතුරු කැලේට යන්න...
🌼 අම්මා....මො.....මොකො......
💎 යන්න......
🏵️ මොකද උනේ......
💎කලු මකරු ඇවිත්......අජන්ටීනා....එයාලා හොයන්නේ ඔයාව.........ඔය කට්ටියම මෙතනින් යන්න...
🌼 අම්මා ඒත්......
🔵 ඇන්ජි......කිව්වම යන්න....අපිට ප්‍රශ්නයක් නෑ....
😐 තාත්තා ඒ තරම් රලුවට කතා කරනවා මට ඇහිලම නැහැ.....😐 ඒ දෙන්නම හිටියේ අර්ද මකර රූපෙන්.....බයත් හිතෙනවා.....අම්මා ඇදන් හිටියේ සුදු පාට යුද සන්නාහයක්......එයාගේ ඇස් සුදුම සුදුයි..තාත්තා උඩට මුකුත් ඇදලා හිටියෙ නෑ......එයාගේ හදවත ගොඩක් දිස්න දුන්නා...
💛 ඇන්ජි එන්න......
ග්‍රාන්ට් මගේ අතින් ඇදන් කැලේ ඇතුලට ගියා.......මම එයාගේ පස්සෙන් දිව්වේ අවසිහියෙන් වගේ...... 😢 කොච්චර සතුටින්ද මන් හිටියේ......😢😢
💛 ඇන්ජි පාත් වෙන්න.....
ග්‍රාන්ට් කෑ ගැහුව සද්දෙට මම මේ ලෝකෙට ආවා........කලු මකරු.......උන් අපි පස්සෙන් එලවනවා.....
🌼 ග්......ග්‍රාන්ට්.....
💛 ඇන්ජි....කලු මකරු ගංගාවලට බයයි..මේ පැත්තෙ ගගක් තියනවා..ඒකට පනින්න....
ග්‍රාන්ට් කිව්වේ වෙව්ලන කට හඩින්..මම නිකමට එයා දිහා බැලුවා......එයාගේ ඇස්.....තද රතු පාටයි 😐😐 අම්මෝ....දැක්කම මට බය හිතුනා...
💛 ඇන්ජි මේ ලෝකෙට එනවා..
ග්‍රාන්ට්ගේ සද්දෙන් මන් ආය මේ ලෝකෙට ආවා.....කලු මකරු අපිව දිගටම ලුහු බැන්දා...............අපි පුලුවන් තරම් කැලේ ඇතුලට දිව්වා..........එක පාරම අපි වටේටම කලු මකරු ගොඩක් ආවා.....ගග තිබ්බේ ගොඩක් ලග...ලොකු මකරෙක් කට ඇරලා දුමක් පිට කරා........ 😩😩😩😩😩 මට නිකම්......කැරකිල්ල වගේ දැනුනා.....
Graint Pov
කලු මකරු අපි පස්සෙන්මයි...මට ඕන උනේ ඇන්ජිව ආරක්ශා කරන්න.....ඒත් මේ කෙල්ල මනෝලෝකේ......😐 අනේ මන්දා මේ කෙල්ල මකරියක් උනේ කෝමද කියලා.....එකපාරම අපි වට උනා....යන්න තැනක් තිබ්බෙත් නෑ.......එතන හිටිය ලොකු මකරා දුම් පිම්බා.......මම පිටිපස්සට නැවුනා........
අපුව වැටුනේ ගගට........කලු මකරු ඇතට පියාබලා යනවා මම වතුරෙ ඉදන් දැක්කා....ඇන්ජි......හුටා..මේ කෙල්ලට සිහි නැති වෙලා...😐 දැන් ඉතින් මේකිවත් උස්සන් යන්න වෙනවා.....මම ඇන්ජිව අරන් ගගෙන් ගොඩ ආවා......
සුදු පාට අකීකරු කෙස් මූන හැම තැනම.....ඉස්කෝලෙදි දැක්කට වඩා එයා ගොඩාක් සුදුයි.....😁 සමහර විට මගෙ අත් දෙක උඩ ඉන්න නිසා වෙන්නැති......කොහොමත් මගේ රත්තරන් පාට අත් දෙක උඩ ඉද්දි එයාගේ හමේ සුදු පාට කැපිලා පෙනුනා.....එයාගේ හදවත....අනිත් මකරුන්ට වඩා ගොඩක් සුදුයි..ලස්සනයි..ඒක මැද තියන කොල පාට තරුව නිසා තවත් ලස්සනයි.......
ලොන්සාරා කිව්ව විදිහට ඇන්ජි තමා ස්නේහා....මම රෙක්සන්........ඒ ආත්මේ මට මගේ මැනික රැකගන්න බැරි උනා........😐 ඊට කලින් මම මැරුනනේ......මේ පාර එහෙම වෙන්නෙ නෑ.....මම එයාව බලා ගන්නවා......ආරක්ශා කරනවා.....මේ ප්‍රශ්න විසදෙන්න නම් ඇන්ජි විවාහ වෙන්නම ඕනේ.....කා එක්ක හරි........😢 මට මේ පාරත් එයා නැති උනොත්......
එකපාර මගේ ඇස් වලින් ආපු කදුලු බින්දුවක් ඇන්ජිගේ මූනට වැටුනා....කෙල්ල එක පාර ගැස්සිලා ආය අනිත් පැත්ත හැරුනා...... 🤦මේ හොල්මන නිදි....තාම දවල් වෙලාවත් නෑ..මකරු පහර දුන්නේ උදේ.......
😶🌫️ඇහැරවන්නත් බෑ......😐 උස්සන් යන්න තමා වෙන්නේ........මම පරිස්සමට ඇන්ජිව මගේ අත් දෙකට ගත්තා...🙄 යකෝ..කෝටු කෑල්ල වගේ හිටියට බර... 💪කහ මකරු ශක්තිමත් උන එකට පින් දිදී මම ඇන්ජිව උස්ස ගත්තා .......😶🌫️ අම්මෝ..එයා මකර පැටියෙක් වගේ....කියුට්....ඇහි බැමි..ඇස් පිහාටු..ඔක්කොම සුදුයි..🙄සුදු මකරුන්ගෙත් සුදු මකරියෙක්....මාර සුදුයි......😁😁😁
(කහ මකරුන්ගේ හම රන්වන් පාටයි,සුදු මකරුන්ගේ සුදු පාටයි,කලු මකරුන්ගේ අදුරු පාටක්.....කලු නෙමෙ)
කහ මකරුන්ගෙ මුලු සක්තියම දාලා මම ඇන්ජිව ආරක්ශිත තැනකට එක්ක ගියා...එතනට ගගත් ගොඩක් ලගයි.....මම ඇන්ජිව බිමින් තිබ්බා......බිම ගොඩක් තණකොල වැවිලා තිබ්බේ...ඇන්ජියාව බිමින් තියලා මාත් හාන්සි උනා...
...
😶🌫️ හී..හායිම් මම් ඕතරී
YOU ARE READING
Dragon Heart✔️✔️
Short Storyපවිත්ර ලේ තියන සුදු මකරියක්...... මකර වංශ තුනේම අදි රජු වෙන්න මකර කුමරියව හොයන කලු මකරෙක්...... මේ මුකුත් නොදන්න මොංගල් කෙල්ලෙක්