🍁 සරද වර්ෂා

273 27 7
                                    

හීන මැවුවා නොවෙද
වැහි දියේ තනි වෙන්න
සෙවනක් නොසොයාම
සිත් සේම නැහැවෙන්න
වැහි දියේ සිරි පෙනෙන
ගල් තලා කොන ඉඳන්
අප පමණි තනිව මෙහි
සීත උණුහුම ලබන

දිය වැකුණු හිස පුරා
දැනෙන සර අකුණුවන්
නුඹේ මුදු පිරිමැදුම් මැද
නෙත් පියා විඳිමි මා
දැනෙන හැඟුමන් මවෙත

මිලින වූ තුරු පතක
මැවුණු හැඩ වර්ණ මැද
දිය බින්ඳු රැඳුණාට
අහිමි ජීවය යලිත්
නොලැබේවි කිසිදාක

නිමක් නැති රිදුම් මැද
ජීවිතේ පණ පොවන
සරත් කල වැසි නුඹයි
නුඹෙ හුස්ම මත රැඳුණු
මියෙන හද මත වැටෙන

🍂සරද සඳ ✓Where stories live. Discover now