පුරුදු සේ දඟකාරව
කොපුල් තල තෙමා නැහැවූ
මුදු හාදු වැස්සක් මැද,
කොපුලකට අහිමිව
දෙතොලතර රැඳි
නුපුරුදු ස්පර්ශයක්...මොහොතකට,
මුළු ලොවම අමතක වුනි.එකෙනෙහිම දෙඇස් පැටලී
නුපුරුදුව නැවතුන
අහම්බයක්...සරස හැඟුමක්
සිත් ඉමක හෝ නොවුනු,
අසීමාන්තික ස්නේහය
ආත්මය පුරා විඳි,
කුළුඳුල් ම හාදුවේ
සොඳුරුතම මතකය...
YOU ARE READING
🍂සරද සඳ ✓
Poetryමහද හිමි සරත් සඳ නුඹම නම්... • Language - Sinhala • Started Date - 2021/10/08 • Ended Date - 2021/11/24