🍁 අහේතුකයි නුඹ මට

117 14 7
                                    

හේතුවකින් උපන් සියලු දේ,
නැසී යයි
හේතුව නැසුණු කල්හි...

ඉදින් නුඹ වෙත බැඳුණු
හේතුවක් නොමැති නම්,
හේතුව අහිමි වූවා යැයි කියා
මා නුඹට, නුඹ මවෙත
බැඳි බැඳුමන් බිඳී යා හැකිද

හේතුවක් නොමැතිවම
අහිමි බව දැන දැනත්
කිම සිතින් බැඳුණේ මෙතරම්ම
අහේතුක බැඳුමකින් නුඹ සිතට..
ලොව දහමට එරෙහි නම්
දෙහද බැඳි මේ බැඳුම්
නොදැනීම නැවතුනෙ
ඉරණමේ ලියවුනු ලෙසින් නොව ?
හේතුවක් නොමැති නම්
නැවැත්මට කියාලූ
සීමා මායිම්ද නොමැත...

🍂සරද සඳ ✓Where stories live. Discover now