පපුතුරේ තුරුලු කර
වදනකුදු නොකියාම
උමතු වූ ලෙසින්
සිපගතිමි නුඹ
උණුහුමෙන් නොමිදීමදොතොල් දෙස නොබලාම
මග හැරිමි නුඹ දෙනෙත්...
එනමුදු
කොපුල් තල පුරා
ගෙල පුරාවට
දෙතොල් ගෙන ගියෙමිපසු නොතැවුණද මොහොතකට හෝ,
හිත ලොබින් තවමත්
ගෙවී ගිය නිමේෂයටආයෙමත් හොයමි මම
සෙනෙහසෙ උණුහුම
සදහටම හිමි නොවුන
නුඹ ළඟින්ම...
YOU ARE READING
🍂සරද සඳ ✓
Poetryමහද හිමි සරත් සඳ නුඹම නම්... • Language - Sinhala • Started Date - 2021/10/08 • Ended Date - 2021/11/24