🍁 හද මන්දිර සරා පෑයූ සඳ

88 8 8
                                    

කියන්න හැකි නම්
මුළු ලොව ම ඉදිරියේ
මගෙ හදවත හිමි නුඹට කියා
නුඹ මගේමයි කියා...

දැන දැනම එය අවසනක පියවර වග
කෙසේ නම් වචන කරන්නද
නුඹ ඉදිරියේ හෝ...
ඉන් පසු සිදු වේවි
ඈතින් ඉඳන් හඬන්නට
නෙත් මානයේන් මිදී තනිවෙන්නට,
සදහටම...

නුඹ නැතිව හුස්ම ද අහිමි නම්
කෙසේ නම් මවිසින්ම
එවන් අවසානයක් ලියන්නද...

අත නොහැර ළඟින් ඉන්නට
හැකියි අප හමුවු උරුමය නිසා...
ඒත් ඒ සීමා බිඳ දැමුවොත්
හිමි වේවි, නුඹට මට
අසීමාන්තික වේදනා පමණක්ම...
මට පමණක්ම නොව නම් වේදනා හිමි
ඉතින් හැඟුම් නොසඟවා අන් කුමක් කරන්නද
නුඹට රිදවනු විඳ ගත නොහී මා...

සැඟවුනු සඳ නුඹයි
මුළු ජීවිතයම එළිය කල...
නොදනීවි කිසිදාක, කිසි කෙනෙක්
මට ද උවමනා නොවූ
මේ දිවිය රැඳුණේ
නුඹ මතම පමණක් වග...

කියන්නට උවමනා වූව, සැඟවුව
හිමිකාරකම් සමඟින්ම
සඳ එළිය මැකී යාවි
හිරු රැස් ළඟ...

ඉදින් සඳ එළිය මත රැඳුණු මා ද හිමි ?

🍂සරද සඳ ✓Where stories live. Discover now