🍁 සුහදිනියට

97 7 3
                                    

මගේ සඳවතියේ,

නුඹ කියවූ වග දනිමි
වදනකුදු නොකියාම ගිය වගද දුටිමි
සැනසුනෙමි,
කිසිත් නොකියූ නිසාවෙන්

එහෙත් මා තැවීමක වූයෙමි
හැඳිනුවාදැයි කියා නුඹට වග

මියෙන්නට පෙර
එකම එක වරක් හෝ කියන්නට
ඉඩක් ලැබේදැයි නොදන්නා දේ
මෙසේ ලියූවෙමි

ඔබේ මගේ යැයි කිව හැකියි
මුළු ලොවම ඉදිරිපිට
ඒත් ඒ මට අවැසි ලෙස නොවේ...
ඉදින්
මහද හිමි සරත් සඳ
නුඹම වග,
නුඹටත් අන් හැමටත්
කියන්නට ඇති මග මෙපමණයි...

අවසන
ඉඳින් සිතට දිරිගෙන කියූවෙම්,
නුඹට වග...
සිතට සැනසිල්ලක් වෙමින්
තව තවත් මා තුරුලු කරගත්තා ම මිස
අන් කිසිත් නොකියාම නිහඬ වුණි...

අනවැසියි අන් කිසිත් දැන්,
ඉතින් මම නවතිමි.


🍂 සරද සඳ මෙලෙස නිමාවුනි ~🍁

🍂සරද සඳ ✓Where stories live. Discover now