24

234 69 7
                                    

"කවුද ඔයා... අැයි ඔයා මන් ළඟ"
රැ සතුටින් පැය ගනන් කතා කර කර නිදාගත්ත මගේ ආදරේ උදේ නැගිටිනකොට ඔයා කවුද කියලා ඇහුවොත් ඔයාට මොනවා හිතේයිද? මට මොකුත් හිතුනේ නැහැ හදවත දැන් පැලෙයි කියලා දැනුනේ...

"yoongi කලබල වෙන්න එපා... මාව විශ්වාස කරන්න... ප්ලීස් මම ඔයාගෙ h.u.s.b.a.n.d... එතකොට ඔයාගෙ නම yoongi... ඔයා ශක්තිමත් ඒවාගෙම දැන් ඔයා ගොඩක් හොඳින්"
නීතියෙන් අපි අපේ නොවුනත් එයා මගේ ආදරේ මගේ හදවතේ අයිතිකාරයා... ඉතින් හදවතින් එයා මගේ husband...
මම එයාව බදා ගත්තා ගොඩක් හයියෙන් ආයේ අත හරින්නේ නැහැ මම ඔයාව...
.
.
.
.
.
.
.

හවස් වෙද්දි yoongi සාමාන්‍ය උනා. කලින් උන කිසිම දෙයක් මතක තිබ්බෙ නැහැ. ඒක මට සහනයක් උනා. නැත්තම් මම එයා ඉස්සරහ අඬාවි.... පස්සේ එයා එයාට වරද පටවාගනී මාව ඇඩේව්වේ එයා කියලා.

අපි දෙන්නා කතා උනේ ඇවිඳින්න යන්න. ගෙවල් ළඟට වෙන්න හරිම ලස්සන උද්‍යානයක් තියෙනව. එතැනට එන්නේ නිදහසට කැමති අය කිසිම වයස් සීමාවකින් තොරව...

අපි ඇවිද්ද ඇති වෙනකම් හිනා උනා පරණ මතක අමතක කරන්න. ආදරේ කරා... අපි අපේ විතරමයි... Yoongi මහන්සි කියනකම් අපි ඇවිද්දා...

"බාබා දැන් මට මහන්සි... නිදි මතයි..."
ලස්සන බැංකුවක කවුරුත්ම නැති තැනක හුළඟට හෙල්ලේන ගස් එක්ක අපි දෙන්නා විතරක්... ඉස්සරහ තියෙන්නේ ලස්සනම ලස්සන විලක්... ආදරේ කරන කෙනෙකුට නිදහසේ ඉන්න කැමති කෙනෙකුට හොඳම තැනක්.

"නිදිමතනම් මෙන්න උරහිස... මම දඟලන්නේ නැහැ"
මම උරහිස පෙන්නලා කිව්වේ එයාට නිදිමත හැදුනම එයා ආසයි මගේ උරහිසේ ඔලුව තියාගන්න...

"හ්ම්ම්"

"ඔයා නිදිද යුන්"

" හ්ම්ම් ඔව් "

" මෙන්න නිදි මිනිස්සු කතා කරනවා... මම දෙයක් අහන්න ද? "

"හ්ම්ම් අහන්න"

"මම ලස්සන ද? "

" ඔව් මේ ලෝකේ වෙන කෙනෙක්ට බලන්න දෙන්න හිතෙන්නේ නැති තරමට ලස්සනයි"

"ඔයා මට ආදරෙයිද යුන්"

"ගොඩක්"

"කොච්චරක් ද"

"අහසේ තියෙන තරු ගැනලා ඉවර කරන්න පුළුවන් ද කොච්චරක් තියනවාද කියලා "

" බැහැ... නේ "
මම මුණ නරක් කරගෙන කිව්වා.

" ඒවගෙ තමයී බාබා මම ඔයාට ආදරේ තරම වචනෙන් කියන බැහැ. ඒක මනින්න කොහොමත් බැහැ... "
මට කදුළු ආවා. මම හිතුවෙ නැහැ හිතුවක්කාර yoongi මට මෙච්චර ආදරේ ඇති කියලා. මේ ආදරේ ලබන්න තරම් මන් වාසනාවන්තයි...

" යුන් ඔයා දන්නවද මමත් ඔයාට ගොඩක් ආදරෙයි. දැන් මේ හදවතින් තව කෙනෙක්ට ආදරේ කරන්න බැරි තරමට "

" ස්තූතියි හොසෝකා මගේ ජීවිතේට ආවට. මාව පිළිගත්තාට. මට ආදරේ කරනවාට... මාව හදවතින්ම ලස්සන මනුස්සයෙක් කලාට"

"හ්ම්ම්"
මට කියන්න වචන නැහැ. එයාගෙ ආදරේ ඉස්සරහා මම නිරුත්තරයි.

" යුන් ඔයා නිදිද?... "
එයාගෙ සද්දයක් නැහැ.

" හොඳට නිදාගන්න මගේ පුස් "

_________________________________________

LoVe💔 || SOPETempat cerita menjadi hidup. Temukan sekarang