මගේ හැමදේම මතක තියාගෙනත් මේ තරම් සැහැල්ලුවෙන් එයා ඉන්න විදිහ දැක්කම මට පුදුම හිතුණා.
ඊටත් වඩා ඉරිසියා හිතුණා..එයා ගිය දවසෙන් පස්සේ කිසිම දවසක මං හිනා වෙලා නෑ. සැහැල්ලුවෙන් ඉඳලා නෑ. අඳුරු ලෝකෙක ජීවත් වෙන්න මං පුරුදු වෙලා හිටියා. අඬපු නැති දවසක්, එයාව මතක් නොවුණු දවසක් මට තිබ්බෙම නැති තරම්. ඒ තරමටම මං එයාට ඇබ්බැහි වෙලා තිබ්බා.
මට හැමදාමත් ඕනි වුණේ එයාව ආපහු මුණගැහෙන දවසක හොද කම්මුල් පාරක් දෙන්න. මගේ හැම වේදනාවම ඒ කම්මුල් පාර පිටින් යවන්න.
ඒත් ඒක කරගන්න තරම් හයියක් නැතුව ඉස්සර වගේම මං එයා එක්ක කැෆේ එකේ දැන් වාඩිවෙලා ඉන්නවා මිල්ක්ශේක් දෙක ලැබෙනකන්...
***
_MatheeaJM_
CZYTASZ
Waiting || VMIN || Oneshot ✔️
Fanfictionඑක අන්තිම වතාවක් හාදුවක් දෙන්න මට... එක අන්තිම වතාවක් තුරුලු වෙන්න මට... එක අන්තිම වතාවක් ආදරෙයි කියන්න මට... ඒ මතකය ඇති මට ඔබ වෙනුවෙන් මිය දෙන්නට... Start Date :- 14/ 10/ 2021 End Date :- 14/ 10/ 2021