- 04 -

418 132 6
                                    

එයාව හම්බුන දවසක අහන්න දාහක් ප්‍රශ්න මන් අහන්න ලෑස්ති කරන් හිටියා. ඒත් උන්මාදයෙන් වටපිට බලන ඒ ඇස් දෙක දැක්කම මං නිරුත්තර උනා. මට අහන්න ඕන ප්‍රශ්න මට අමතක උනා. ඉස්සර වගේම ඒ ඇස් දිහා මං මත් වෙලා බලන් හිටියා.

එයා ජනේලෙන් එළිය බලන් හිටියා. පුංචි පුංචි වැහි බින්දු වැටිලා පොද වැස්සක් පටන් ගත්තා.

මට අඬන්න බැරි උනත් අහස හරි අඬනවනේ. මං හිත හදාගත්තා.

මගේ අවධානේ බිඳුනේ එයා පෙන්නපු ෆොටෝ එකකින්.

" මේ ඉන්නේ මගෙ දූ "

එයා ආඩම්බරයෙන් පෙන්නුවා. එයාගේ ඇස් ඒ විදිහටම දුවට පිහිටලා තිබුණා.

මට කවදාවත් දෙන්න බැරි දෙයක් එයා වෙන කෙනෙක් ගෙන් ලබලා සතුටු වෙන දිහා බලාගෙන මං හිනාවුණා.

මං තාමත් අතීතේ ජීවත් වෙද්දි ඒ අතීතේ අලු ගසලා ඔයා නැගිටලා හිටියා.
වැදගත්ම දේ ඔයා දැන් සතුටින් !!

ඔයාගෙ ඇස් දෙක හඬ ගාලා ඒක කියාපෑවා....

***

_MatheeJM_

Waiting || VMIN || Oneshot ✔️Tempat cerita menjadi hidup. Temukan sekarang