- 05 -

409 128 13
                                    

මේ වගේම කැෆේ එකකදි එදා එයාට ගෙදරින් මනමාලියක් බලලා තියෙන බවත් මන් වගේ කෙනෙක් ට ඔම්මා අකමැති බවත් කියලා එයා කඳුලු පුරවන් කියපු හැටි මතක් උනා.

ලෝකෙම කඩා වැටුණා වගේ දැනෙද්දි මගේ අත අල්ලන්,

" කවුරු විරුද්ධ උනත් මං ඔයත් එක්ක ඉන්නවා චිමී... මං ඉක්මනටම ආපහු එනවා... ගිහින් එන්නම් චිමී... "

කියන පුංචි බලාපොරොත්තුව හිතේ ඇඳලා එයා අඩියට දෙකට දුවපු හැටි මං එදා කඳුලු අස්සෙන් බලන් හිටියා.

එදා " ගිහින් එන්නම් " කියපු පොරොන්දුව මාව ජීවත් කරන්න සමත් උනා. ජීවිතේ නැති කරගන්න එක වළක්වන්න ඒ වචන ටිකට පුළුවන් උනා.

උදේ ඉඳන් රෑ වෙනකනුත් , ඊට පස්සේ දවසුත් එයා එන හැටි හීන මැව්වා. ඇස් ෆෝන් එක දිහා විනාඩි පහෙන් පහට බලන්න පුරුදු උනා.

ඊට සති තුනකට පස්සේ එයා විවාහ උන බව ආරංචි වුනත් මං හැම ඉරිදම හවස කැෆේ එකට ආවා. එයා එයි කියන විශ්වාසය මට තිබ්බා. ඔම්මාගේ බල කිරීමට බැන්ඳත් බැඳපු කෙනාට මං ගැන කියලා ඉක්මනට ඒවි කියන බලාපොරොත්තුවෙන් කැෆේ එකේ ජනේලෙ දිහා ඇස් රිදෙනකන් බලන් හිටියා. එදා ඉඳන් අද වෙනකන්ම ඒ දේ පුරුද්දක් විදිහට සිද්ධ උනා. මැරෙන්න මොහොතකට කලින් ඒ දිලිසෙන ඇස් දකින්න මට ඕනි උනා.

***

_MatheeJM_

Waiting || VMIN || Oneshot ✔️Donde viven las historias. Descúbrelo ahora