Chapter 6

1.7K 422 50
                                    


   නාගෙන දතුත් මැදගෙන ඇවිත් මම මෙහෙ තියෙන රතුපාට ඇදුමකට බැස්සේ මගේ කැමැත්තකින් නෙමෙයි... එදා ඇදන් ආව මගෙ ශෝටයි බ්ලව්ස් එකයි අදින්න ඕනෙ කියල නහයෙන් අඩනකොට ජූයොන්ගෙ බල කිරීමට මම මේ විකාර ලෝගුවක් ඇන්දා... මේ වැම්පයර්ලා ඇත්තටම කොහොම ඉන්නවද මන්දා... මල විකාර මෙයාලට දාඩිය දාන්නෙ නැද්ද? මෙයාලගෙ හදවත ගැහෙනවද එතකොට මෙයාල වොශෲම් යනවද... යනව ඇති නේ ඒකටනම් ලේ බොනවනම් අඩුම තරමෙ සූ බරක්වත් එන්න එපැයි...

" යන් "

     කන්නාඩිය ඉස්සරහට වෙලා කොන්ඩෙ පීර පීර හිටපු මට යොන් කතාකල නිසා ගැස්සුනා... කොන්ඩෙ කාක් කූඩෙ වගේ ගැට ගොඩ ඒක මාසයක් පීරුවත් බැරිවෙන සයිස්... දැන්නම් කපන්නමයි හිතිල තියෙන්නෙ.. මල විකාර... මමත් යොන් පස්සෙන් මගෙ කාමරෙන් එලියට ගියේ උඩ පැන පැන කොහෙට ආවත් ජන්මගති අරින්න බෑ කියනවනෙ... මටත් අන්න ඒ වගේ එකක් තමා වෙලා තියෙන්නෙ...

" වාව් මෙහෙ ලස්සනයිනේ.. "

    මම අත් දෙක පිටිපස්සට බැදන් උඩ පැන පැන යනගමන් කීවේ යොන් සාන්ත දාන්ත ගමනින් යනකොට... මගෙ ගොතල තියෙන කොන්ඩ කරල් දෙක මම උඩ පැන පැන දුවනකොට උඩ යනගමන් පැද්දෙනවා.. හැමෝම මගෙ දිහා බල බල ගියේ පිටසක්වලයෙක් දිහා බලනව වගේ...

" අර තියෙන්නෙ ගාර්ඩ්න් එක "

    යොන් අත දිග්කරල පෙන්නනකොට මම එ පැත්ත බැලුවා... ඔක්කොම මල් රතුපාටයි... බිමට විතරක් කොල පාට තනකොල වවලා.... පැත්තකින් පොකුනක් තියනව දැකලා මම අත් දෙක දිග ඇරගෙන දුවගෙන ගියේ මාලු බලන්න... දිව්ව වේගෙට එකපාරටම මම පුදුම අමාරුවකින් බ්‍රේක් ගහගත්තෙ... මම එ ගමන් අඩියක් පස්සට තිබ්බෙ මගෙ කකුල් පනනැති වෙලා යන්න වගේ එනකොට...

" ම්...මේවා ලේ ?"

    මගෙ පිටිපස්සෙන් ආව යොන්ට මම කීවෙ ඇස්වල කදුලු පුරෝගෙන ඊට හපන් මාව එකසිය ගානට ගැහෙනව දාඩියත් දාල හෝ ගාලා...

" ඕ... ඔයාට අව්ලක් නෑ නේද "

    යොන් මාව පිටිපස්සෙන් අල්ලන් කියනකොට මම ඇත්තටම රත් වෙලා උන්නෙ.. මම යොන්ට ඔලිව වැනුවේ මම හොදින් කියන්න... එහෙම්මම හුස්මක් ගත්ත මම ආපහු හැරිලා කොරිඩෝ එක දිගේ යන්න ගත්තෙ යොන් එක්ක කතාකරන ගමන්මයි.

❗ BIT ME ❗[ Complete ]Where stories live. Discover now