Chapter 8

1.8K 400 78
                                    


" යොන් දන්නවද වැඩක් "

      ට්‍රාන්ස්වේනියා රාජදානියත් ඒ ලග පිහිටි ගමත් අතර තියෙන ලොකු ගේට් එක ගාවට වෙලා අහට්ට මෙහට්ට සක්මන් කර කර මම යොන්ගෙන් ඇහුවා...

" මොකක්ද?"

" කුක්ක ඕම හිටියට පත්තෑයන්ට මාර බයයි "

    මම කීවේ බිම ගිය පත්තෑයෙක්ව පෙන්නන ගමන් ඌව ලග තිබ්බ ලීයකට අරන් එහෙම්මම සෝමාලියාව පැත්තට වැටෙන්න නොමිලේ ගුවන් ගත කරන ගමන්...

" එයා බයද? "

   යොන් ඇස්දෙක ලොකු කරන් අහනකොට මම හිනාව තදකරන් ඔලුව උඩ පහල වැනුවා...

" එකදවසක් මගෙ කරෙත් නැග්ගා... "

      මම බකස් ගාලා හිනාවෙලා කියනකොට ඒකටම හරියන්න යොන් මාත් එක්කම හිනා උනේ බඩත් අල්ලන්...

" ඔහොම මස් යෝදයා වගේ හිටියට කුක්ක බය ගුල්ලා.. "

    මම හිනාවෙලා කීවේ යොන් තවත් හයියෙන් හිනාවෙනකොට...

" අපි බය ගුල්ලනේ "

" යොන් මේ හරියෙ කුක්කෙක් ඒම දැක්කද "

   මම යොන්ගෙන් අහනකොට යොන් නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා... මම කුක්ක ඇවිත් ඉන්නව දැක්කත් දැක්කෙ නෑ වගේ හිටියේ හොද බයිට් එකක් දෙන්න හිතාගෙන...

" යාහ් මෝඩියො දෙන්නා "

     කුක්ක ආයෙ කතාකරනව ඇහුනත් මම ඇහුන්නෑ වගේ යොන් එක්ක කතාකර කර හිටියා.. සෑ වාව් යොන් කියන්නෙත් මටම මවපු කෙනෙක් වගේ මගෙ වගේ ගොං මෝඩ මොලයක්මයි තියෙන්නෙ...

" මම යනව යන්න තොපි දෙන්න ඕන එකක් කරගන්නව.. "

     කුක්ක ඔරවන් යනවා මම දැක්කා... ඒත් ඉතින් එයාට ඒම යන්න දෙන්න බෑනේ...

" ඔන්න පත්තෑයා... "

   මම මුලු ට්‍රාන්ස්වේනියාවටම ඇහෙන්න කෑගහලා කියනකොට කුක්ක හූ කියලා දඩි බිඩි ගාලා දුවන් ඇවිත් යොන්ගේ කරට නැග්ගෙ හිතන්නවත් වෙලාවක් නොතියා... පව් කෙල්ල කොදු ඇටපේලිය කැඩුනද දන්නෑ...

" යාහ් බහිනවා.. "

   යොන් කුක්කට කීවේ මූන බෙරිකරන්...

❗ BIT ME ❗[ Complete ]Where stories live. Discover now