Chapter 19

1.6K 352 32
                                    


          මම කලුපාට හූඩියක් දාගෙන ඒකෙන් ඔලුවම වැහෙන්න හදාගෙන කකුල් දෙකට කලුපාට බූට් දෙකකුත් දාගත්තා... කන්නාඩිය ඉස්සරහට යන්න හිතුවත් ආයෙ මම මනමාලයෙක් බලන්නවැ යන්නෙ කියලා හිතුවා...

    මම ඇද දිහා බලනකොට දැක්කේ ටේහ්‍යුන් පොඩි ලමයෙක් වගේ මගෙ කොට්ටෙත් බදන් නිදන් ඉන්නවා... මම එයා ගාවට ගිහින් ඒ නලලෙන් හාද්දක් තියලා නැගිට්ටේ එයා ඇහැරුනොත් මට මුකුත් කරගන්න බැරි වෙන නිසා... 

      මම මගෙ ඇස්වලින් කදුලු කැට වැටෙනකොට එයාගෙන් ඈත් වෙලා මම හිමීට දොර ඇරන් ගියා... මම දන්නෙ නෑ මම ආයෙ එයිද කියලා... මම දන්නේ නෑ මොනවා වෙයිද කියලා... මම සමහර විට මැරෙන්නත් ඉඩ තියෙනවා...

             මම කැලේ අස්සෙන් ඇවිදගෙන ගියේ කට්ට කරුවලේ... කොල අතු පෑගිලා සුරු සුරු ගාන සද්දෙයි මගෙ අඩි සද්දෙයි එක එක සත්තු කෑගහන සද්දෙයි ඇරෙන්න වෙන කිසිම හඩක් තිබ්බේ නෑ... මම ඉස්සරහටම ඇවිදගෙන ගියා... 

" ආහ් මම බය උනා... "

    එකපාරටම ඉස්සරහට කව්ද පැන්න නිසා මම ගැස්සුනත් එයාගෙ මූන දැක්කහම මම පපුවට අතත් තියාගෙන හයියෙන් හුස්ම ගත්තා...

" බය කරන්න ඕනෙ උනේ නෑ එන්න යන්"

   මින්සොක් මගෙ අතින් අල්ලගෙන ඉස්සරහට යන ගමන් කීවා... මමත් එයත් එක්ක ඉස්සරහට ගියත් මම කුතුහලයෙන් හිටියේ මොකද මෙයා කොහොමද මේක දන්නෙ අනික එයා මාව එක්ක ගියෙත් හෙල පැත්තටමයි...

" ඔයා කොහොමද මේවා දන්නේ ?"

" එන්න යන්කෝ මම පස්සෙ කියන්නම් "

        මින්සොක් මාව එක්ක යන ගමන් කීවා...  ඒත් මට කිසිම දෙයක් තේරුනේ නෑ....  එයා මාව හෙල ගාවට එක්ක ගිහින් මාව එතනින් හිට්ටවලා එයා මගෙන් ඈත් වෙලා බිම බලාගත්තා...

" ගුඩ් ජොබ් මින්සොක්... රජතුමා ඔයාට හොදට ගෙවයි "

       සන්මිගෙ ඔම්මගෙ ටිකක් ගැබුරු කටහඩක් ඇහෙනකොට මම ඔලුව උස්සල වටපිට බැලුවා...  ඒ ගෑනු කෙනා කලුපාට හූඩියක් දාන් හිටියේ... මොකක්ද මේ මින්සොක්ගෙ කතාව... එතකොට මේවා උනේ කොහොමද? මම මින්සොක් දිහා බලනකොට එයා බිම බලාගෙන කකුලෙන් බිම පහුරු ගෑවා...

❗ BIT ME ❗[ Complete ]Tahanan ng mga kuwento. Tumuklas ngayon