Chapter 17

1.6K 352 77
                                    


" බේබී මොකද මේ... හරි ඉතින් සොරි මට තරහ ගිහින් හිටියේ... බේබී මට සමා__

" මට ආපහු කොරියාවට යන්න ඕනේ "

     ටේහ්‍යුන්ගෙ වචන නවත්තලා මම කීවේ කිසිම හැගීමක් නැතිව... මම දැන් ඇවිදින මල මිනියක් ගානයි.. මට මුකුත් හිතාගන්න බෑ ඒත් මම කිසිම දෙයක් හිතන්නෙ නැතුව ඉන්නවා කියලා හිතාගත්තේ ටේහ්‍යුන්ට මේවා දැනගන්න දෙන්න බැරි නිසා...

" බේබී මොකෝ උනේ... ම්ම්ම් මට කියන්න එයා ඔයාට බැන්නද? මොනව හරි කීවද? "

   මම ඔලුව දෙපැත්තට වැනුවේ නෑ කියන්න... මට ඕනෙ උනේ නෑ එයා මේවට පැටලෙනවට...

" එහෙනම් ඇයි මේ... "

      ටේහ්‍යුන් මගෙ කම්මුල සිනිදුවට පිරිමදින ගමන් කියනකොට මම බිම බලාගත්තා... අපි හිටියෙ අවන්හල ඉස්සරහා මිනිස්සු තම තමන්ගෙ වැඩ කරන ගමන් හිටියේ... ගම මැද පොඩි ඉඩක් තිබ්බා... ඒක වටේට තමා ගෙවල් තිබ්බේ... හැම ගෙයක් ඉස්සරහම වගේ තිබ්බෙ ලී ඇදක්...

" මින්ජී... මාත් එක්ක තරහ වෙලාද?"

      ටේහ්‍යුන් මගෙ නිකටෙන් උස්සලා කිව්වා... මගෙ ඇස් දෙකෙන් කදුලු කැට කඩාගෙන වැටුනා... මට හිතුනෙ මේ ඔක්කොගෙන්ම පැනල යන්න... හැමෝගෙන්ම ඈතට ඒත් එයා ඒ අවසානෙට කීව වචනෙට මම බය උන...

__________
Flashback

" මතක තියාගන්න තමුන් පැනල ගියත් ටේහ්‍යුන් ඉන්නෙ ට්‍රාන්ස්වේනියාවෙ කියලා... ඉතින් මම කියන්නෙ ඔයා එයාට ආදරේ ඇතිනේ... නේද ලවර්ස්ලා එයාලගෙන් කාටවත් කරදරයක් වෙනවට කැමති නෑ නේද? "

_____________
Flashback end

" මම ආදරෙයි ටේ... "

     මගෙ ඇස්වලින් කදුලු වැටෙනකොට මම ටේහ්‍යුන්ව බදාගත්තා... මම එයාගෙ ඉන වටේ අත් ඔතලා එයාව බදාගෙන එයාගෙ පපුව අස්සෙ මගෙ මූන හංගගත්තා... ආදරේ කරන කෙනාගෙ තුරුල කියන්නෙ ඕනම දුකක් හේදිල යන තැනක්ලු... ඕනම ගින්නක් නිවෙන තැනක්ලූ... ඒත් මට ඕනෙ උනේ මගෙ කදුලු හංගගන්න තැනක් විතරයි...

" මැනික ඔයා අඩනවද? ම්ම්ම් මොකද මේ... ? ආහ් හරි හරි ඒක ඉවරයි... හරි දැන් ඔහොම අඩන එක නතර කරන්නකෝ... ඔයා අඩනකොට වදුරු පැටියෙක් වගේ... කෝ කෝ ඉතින් මගෙ දිහා බලන්න "

❗ BIT ME ❗[ Complete ]Where stories live. Discover now