Chapter 16

1.9K 393 99
                                    


මට ඇහැරුනේ සීතල අතක් මගෙ තොල්වල එහා මෙහ යන ස්පර්ශෙට... මම ඇස් හිමීට ඇරලා බලනකොටයි දැක්කේ ටේටේ මගෙ මූනට එබීගෙන ඉන්නව... එයා චූටි ලමයෙක් වගේ හිනා වීගෙන මගෙ දිහා බලන් හිටියා... අනේව් සූටි පැට්ටා අල්ලල මිරිකන්න හිතෙනවා..

මම එච්චර කියුට්ද?

එකපාරටම එහා ලෝකෙන් වගේ ඇහෙන්න ගන්නකොට මම බය වෙලා ටේහ්‍යුන් දිහ බැලුව...

" ඔයාට දැන් මගෙ හිත කියවන්න පුලුවන් ප්‍රින්සස්... "

එයා මගෙ කම්මුලට හාද්දක් දීලා කීවා... ඒ කියන්නෙ මට බලයක් හම්බෙලාද? වාව්... නියමයි ෆැන්ටෑස්ටික්... යේ හුරේ මට කෑගහල නටන්න හිතුනා...

" ඇයි ප්‍රින්සස් ඔයා ඔහොම ??"

" කොහොමද මගෙ හබී... "

මම එයාට තුරුල් වෙන ගමන් කියනකොට එයා එයා හිනාවුනා...

" චූටි කාලෙ ඔලුව කොහෙ හරි වැදිලනේ.. හිකිස් "

මම දත් තිස් දෙකම එලියට දාලා හිනාවෙලා කියනකොට ටේහ්‍යුන් මගෙ තොල් අල්ලගත්තා... තත්පර ගානක් කිසිම හිඩසක් නැතිව එය මගෙ තොල්වල දග කරලා මගෙ තොල්වලින් ඈත් උනේ මම හයියෙන් හුස්ම ගද්දි...

" සරන්හේ... "

" නාදු සරන්හෙයෝ... "

එයා මගෙ නලලට නලල තියලා කියනකොට මමත් ආපිට එයාට කීවේ හයියෙන් හුස්ම ගන්න ගමන්... එයාට මම ආදරෙයි.. මට තේරෙනවා එයාව මට ඕනේ හැමදාටම එක තත්පරයක්වත් එයා නැතුව ඉන්න බැරි තරමට මම මේ ටික කාලෙට එයාට ඇබ්බැහි වෙලා කියලා මට තේරුනා... ඒත් ටේහ්‍යුන් කියන් නමට මම මගෙ හදවතේ ඉඩ දුන්නෙ නැති උනත් දැන් මට එහෙම ඉන්න බෑ...

" වොශ් දාගමු "

එයා මගෙ කොන්ඩ කැරැල්ලක් මගෙ කන පිටිපස්සෙන් රදවන ගමන් කීවා... ඒ ගමන් එයා මගෙ කන් පෙත්තක් හපන්න ගත්තේ මම බෙල්ල අහට්ට මෙහට්ට හරව ගන්නකොට...

" යාහ් මාව අවුස්සගන්න එපා... මෝඩ කොටියා.. "

" කොටියා?? "

" ඔව් තවුසෙ හූරලා මගෙ ඇගේම සීරුම් පාරවල් "

මම මූනත් ඇබුල් කරගෙන කීවා... ඇගම දනවා.. එයා කටකොනින් හිනාවෙනව මම දැක්කා... මෝඩයා...

❗ BIT ME ❗[ Complete ]Donde viven las historias. Descúbrelo ahora