ජීවිතය.......... ජීවිතය කියන්නෙ හරි අරුම පුදුම දෙයක්. මිනිස්සු ගත්තොත් සමහර අය ලැබුනු ජීවිතේ උපරිමයෙන් විදිනවා නමුත් සමහර අය විදින්න තියන ජීවිතේ මොකක් හරි එක සිදුවීමක් නිසා විදනවා.
ආදරය......... නොහිතූ විදියට හමු වෙලා නොහිතූ විදියට වෙන් වෙන අයත්, අහම්බෙන්න මුනගැහිලා සතුටින් එකට ජීවත් වෙන අයත් ඉන්නවා.
ආදරය ජීවිතේමද....... ආදරය ජීවිතේම කියලා කියන්න බැහැ. මගෙ මතයට අනුවනම් මම එහෙම කියන්නෙත් නැහැ. අම්මගෙ තාත්තගෙ ආදරය, සහෝදර සහෝදරියො, යාලුවො මේ හැමෝගෙන්ම අපිට අසීමිත ආදරයක් ලැබෙනවා.
හැබැයි ඒ හැමදේම නැති වෙන්න පුලුවන් දවසකුත් එනවා. එදාට නැති වෙච්ච ආදරේ පිස්සුවෙන් වගේ හොයන්න ගියාම අපි නොදැනුවත්වම අපිවම විනාස කරගන්නවා. ආදරය ලබන්න, ලැබෙන්න ඕනෙ....., හැබැයි ජීවිතය කියන්නෙ ආදරයම විතරක් නෙවෙයි කියලත් දැනගෙන ජීවත් වෙන්න ඕනෙ.
Strange addiction විදියට මෙච්චර දවස් ඔයාලා කියෙව්ව කතාව සම්පූර්ණයෙන්ම සත්‍ය කතාවක් නොවුනත් ආදරය නිසා මේ වගේ අසරන වෙච්ච ගොඩක් අය අපි අතරෙ ඉන්නවා. මේ කතාව කියවන ඔයත් සමහර විට මේ වගේ තත්වයක ඉන්න ඇති.
අවසාන වශයෙන් ඔයාලගෙන් අහන ප්‍රශ්නය..... ජිමින් ඒ විදියට ජීවිතේ නැති කරගත්ත එක හරිද........? (ඔයාලට හිතෙන දේ නිකම් කියාගෙන යන්න. මට අදහස් දැනගන්න විතරයි ඕනෙ)
තව විශේෂ දෙයක් කියන්න ඕනෙ. මේ කතාවෙ plot එක මගෙ නංගිගෙ. එයාගෙ අදහසකට මම මේ විදියට කතාව ලියාගෙන ගියේ. හැබැයි එයාගෙ plot එකේ තිබුනෙ happy ending විදියට. මම ඒකත් කියන්නම්. එයා කිව්වේ සූගා නිසා ජිමින් සම්පූර්ණයෙන්ම හොද වෙලා එයාලා සතුටින් ඉන්න විදියට ඉවර කරන්න කියලා. ඒත් මට හිතුනා sad ending එකක් දෙන්න. ඒ දෙන්නා එකට සතුටින් හිටියා කියන එකට වඩා කදුලු කතාවක් කතාවෙ අවසානය විදියට තෝරගන්න මගෙ ප්‍රධානම හේතුව තමයි, love affairs තිබිලා breakup වෙලා ජිමින් වගේ නොවුනත්, අමාරුවෙන් හිත හදාගන්න අය ඉන්නවා. කතාව කියවපු ඔයාලා අතරත් එහෙම අය ඇති. එයාලගෙ හිතට දැනෙන්න ලියන්න පොඩි ආසාවක් ආපු නිසය් sad ending කලේ. Happy ending බලාපොරොත්තු වෙච්ච බබාලා මට සමාවෙන්න. ඒත් happy ending එක්කට වඩා මම ලියපු කතාවට sad ending ගැලපුනා කියලා මම හිතනවා..........
අවසානවශයෙන් මෙච්චර දවසක් strange addiction එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි. මෙච්චර දිග a/n එකක් කියෙව්ව නිසා ඔයාලට මම ගානෙ ලොලිපොප් එකක් මෙන්න අරගෙන යන්න 😂🍭😌
Thanx for reading, voting & commenting. See y'all soon 😌❤
__lu__na__