යුආන් උදෑසනම අවදි වූයේ අලුත් දුරකථනයේ එලාම් එක මගිනි. ඔහු මව සාදා දුන් සුදුම සුදු කිරි කෝප්පය බිදුවක් වත් ඉතිරි නොකර පානය කලේය. ඇත්තෙන්ම එහි අමුතු රසයක් විය. ඒවා පෙර දින ශියෑන් විසින් ගෙනත් තබන ලදී
ටික වෙලාවක් කැරකි කැරකි උන් යුආන් නානකාමරයට වැදී ඇග පත සෝදාගෙන සුවදම සුවද බොඩි වොශ් එකෙන් ටිකක් ඇග ගල්වා ගත්තේ එහි සුවද නහයේ රදවා ගනිමිනි . වාව් එය රෝස මල් සුවදයි . මුළු නානකාමරයම රෝස මල් සුවදින් නැහැවී ගියේ යුආන් ට අශිර්වාද කරන්නාක් මෙනි.
කාමරයට පැමිණි යුආන් පෙර දින ශියෑන් අරන් දුන් අලුත් ඇදුම් අල්මාරියෙන් එළියට ගෙන එහි සුවද බැලුවේ ඒවායින් නැවුම් සුවදක් පැමිණි නිසාය . ලා රෝස පැහැ ෂර්ට් එකකින් සහ තද නිල් පැහැ කලිසමකින් සැරසුනු ඔහු කාමරයේ වූ විශාල කණ්නාඩි මේසයෙන් තම හැඩ බැලුවේය. ඔහු අන් කවරදාකට වඩා අද පිරිපුන් ස්භාවයක් ගෙන තිබුණි. ශියෑන් පෙර දින අරන් දුන් සුවද විහිදෙන සෙන්ට් එකෙන් බින්දු තුන හතරක් ඇදුම වෙත දමා ගත් ඔහු එහි සුවද වින්දේය. එයින් ස්ට්‍රෝබෙරි සුවදක් වහනය විය.
යුආන් ගේ පුංචි බංඩිය ට බඩගින්නකුත් ආවේ ඒ වෙලාවෙදියි. නමුත් ශියෑන් සමඟ යන ගමන් මොනවා හරි කෑමට ගත හැකි නිසා ඔහු එය් දරා සිටියේය . යුආන් මවට උදෑසන ආහාරය අනවශ්‍ය බව පෙර දිනම දන්වා සිටියේය .
ඒත් සමඟම ශියෑන් ගේ කාරය පැමිණෙනවා ජනේලයෙන් දුටු යුආන් මවගෙන් සමු අරන් ඉක්මනින් ගොස් එයට ගොඩ වූයේය.
ශියෑන් විනාඩි දෙක තුනක් බලා සිටියේ ඔහුගේ ගැසෙන නෙතු දිහාය ඒවා පිරිපුන්. යුආන් ඔබ ඇත්තෙන්ම කඩවසම් . ලා රෝස පැහැය ඔහුගේ සමේ වර්ණයත් සමඟ හොදින් ගැලපී තිබුණි . යුආන් ගේ මුහුණ උදෑසන පායන හිරු මෙන් දීප්තිමත් ය. තෙත් වී තිබුණු දෙතොල් රෝස පාට ජෙලි එකක් මෙන් දිලිසෙමින් තිබුණේ ශියෑන්ගේ හදවතේ අමුතු හැගුමක් පුබුදුවමිනි.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

YOU ARE READING
SWEARING IN THE MOONLIGHT (ONHOLD)
Fanfictionසද එළියේ දිවුරුම , හිරු සදු පවතින තුරු ගංගා ගලා බසින තුරු අපි යළිත් දවසක මුණ ගැසේවි. මේ මූසල කම පිරුණු රාත්‍රිය මටත් ඔබටත් අමතක නොවන භයානක රාත්‍රියක් වේවි. හදවත ඔබ වෙනුවෙන්ම හඩන අනාගතයක් තුළ මම හීන දකීවී. මියෙන තුරා ඔබ එනතුරු බලා ඉදිමි...