බර බරේ 😜

54 19 13
                                    

ටික වේලාවකට පසු යුආන් තම හඩ අවදි කලේය.

"අම්මෙ අපි යමු . තවත් මෙහෙට වෙලා මන් ඉන්නෑ මන් මේ හැමදේම හොයාගෙන මගේ තාත්තා නිවැරැදි යි කියලා ඔප්පු කරන්න ඕන "

"මම දැනන් හිටියා මේ දේවල් මෙහෙම වෙයි කියලා ඒක නිසයි පුතේ මෙච්චර කාලයක් හංගන් හිටියෙ මේ දේවල් ඔයාගෙන් . දැන් ඔයාට කැමති දෙයක් කරන්න පුළුවන් "

"හ්ම්ම්ම් එහෙනම් හෙට යන්න ලෑස්ති වෙන්න." යුආන් එතනින් පිටව ගියේ තම දෑසින් ගලන කදුළු පිස දමමිනි. ඔහු දුරකතන ඇමතුමක් ගන්නේ ශියෑන් හටයි.

" හෙලෝ ශියෑන් "

" ඔව් යුආන් මොකද මේ කට හඩ වෙනස් වෙලා වගේ "

ඔහුගේ කටහඬ ඇත්තෙන් ම වෙනස් වෙලා . හදුන ගෙන එතරම් කාලයක් නොවුනත් ශියෑන් නම් ඔහුගේ කටහඬ හොඳින් අඳුරයි.

"හ්ම්ම් මට හෙම්බිරිසාව වගේ ඒ ගැන හිතන්න එපා "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"හ්ම්ම් මට හෙම්බිරිසාව වගේ ඒ ගැන හිතන්න එපා "

"බෙහෙත් ගත්තෙ නැද්ද යුආන් ඔයා ගැනත් හිතන්න වෙලාවක් ගන්න වැඩ විතරයි ද කරන්න ඕන . අසනීප උනොත් අම්මා බලාගන්නෙ කවුද . ඔයා වැස්සට තෙමුනද ආ ..."

ශියෑන් ගෙන් ප්‍රශ්න වැලක් ඔහු වෙත පතබෑවුනි.

"මම එනවා ශියෑන් හෙට බිජින් "

"මොකක් අනේ යුආන් මේ ඇත්තමද "

"ඔව් මන් එනවා ඒත් මට හෙට ඉදන් නවතින්න තැනක් තාමත් හොයා ගන්න බැරි උනා නෙ "

"ම්හ් මන් හොයලා දෙන්නම් එපාට්මන්ට් එකක් "

" අනේ ශියෑන් ගොඩක් ස්තූතියි ඒත් අපි දෙන්නට ඉන්න පුංචි එකක් හොදටම ඇති මට ගෙවාගන්නත් පුළුවන් වෙන්න එපැයි. "

SWEARING IN THE MOONLIGHT (ONHOLD)Where stories live. Discover now