begin....

1.6K 198 29
                                    

Taehyung pov...

~නැගිටින්න පුතා, ස්කූල් යන්න පරක්කු වෙනවා නේද ඔයාට..
කෝ නැගිටින්න...

~ෆයිව් මිනිට්ස් දෙන්න පපා, මට නිදිමතයි....

පපා උදේ පාන්දර ඇවිත් මාව ඇහැරුවා, අද සදුදා.. වෙන ළමයි නම් අලුත් සතියක් නිසා උද්‍යෝගයෙන් ඉන්නවා ඇති.. ඒත් අප්පා කියන විදිහට මම තමා මේ ලෝකේ ඉන්න කම්මැලිම ළමයා...
ඔව් මම කම්මැලි තමයි, මට ඉන්නවා ලොකු හ්‍යුන් කෙනෙක්... එයාගෙයි මගෙයි අතරේ තියෙන්නේ අවුරුදු 8ක පරතරයක්.. එයාට දැන් අවුරුදු 18යි.. මට අවුරුදු 10යි... මම වගේම හ්‍යුන් ඉගෙනගන්නෙත් ස්කොලශිප් එකකින්, අප්පා අපිට උගන්නන්න මහන්සි වෙනවා..

හ්‍යුන් මාත් එක්ක ලොකු සම්බන්ධයක් නෑ... එයා මට කියන්නේ මම හරිම මූසල ළමයෙක් කියලා.. පුදුම වෙන්න දෙයක් නෑ... ඔම්මව මරාගෙන ඉපදුන මම මූසල නොවි ඉන්න බෑනේ, තව කිව්වොත්... මම හොද කරන්න බැරි ස්නායු ලෙඩකින් ඉන්නේ... හ්‍යුන් මූසලයි කියන එක සාධාරණයි... සමහර වෙලාවට මට දේවල් අමතක වෙනවා, නැත්නම් මගේ අතක් පණ නැතිවෙනවා...

හැමදාම මම ඇහැරෙනකොට අප්පා මගේ ලග ඉන්නවා.. මට මතක තියෙන කාලෙක ඉදන් එක ඒ විදිහට වෙනවා... මොකද, සමහරවිට උදේට මම මැරිලා ඉන්නත් පුලුවන්...

ඔය ඔක්කොම උදේට නැගිටිනකොට මගේ ඔලුවට එනවා.. ඒ නිසාමයි මා අලුත් දවසකට වෛර කරන්නේ, ඒත් මගේ දවස ලස්සන කරන්නේ මගේ අප්පගේ හිනාව...

කිම් ජන්කුක්, කිම් ටේයොන්ග්ට ඉන්න ඒන්ජල් අප්පා.. ~ කිම් සොක්ජින් ගේ හිනාව නිසා....
කිම් සොක්ජින්, නැත්නම් මගේ ලෝකේ වීරයා... එයාගේ කතාව හරිම වෙනස්, එක දැනගන්නකොටත් මම ගොඩාක් දුර ගිහින්.... හ්‍යුන් අප්පා එක්ක ඉන්නකල් ටේයොන්ග් බය නැ...

ඒත් අප්පා ලග හ්‍යුන් නැති උනාම ටේයොන්ග්ට අප්පව දාලා යන්න බයයි...
අප්පා කියන්නේ මම දැකපු මගේ ලෝකේ වීරයා, හ්‍යුන් කොහොම කිව්වත්... මන් අප්පා ගැන තියෙන ගෞරව පොඩ්ඩක්වත් අඩු කරන්නේ නෑ....

............................

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

...............................

Love you
By_Queen jiniwa🔮♥️

M A K E  A  W I S H | Jin x Tae x Kook | Completed Where stories live. Discover now