chapter 01

992 184 22
                                    

Taehyung pov...

කොච්චර එපා වුනත්, අප්පා මගේ ලගට ඇවිල්ලා දෙන කිස් එක.. මගේ ඔලුව අතගාලා නැගිට්ටවන විදිහ, මාව බලෙන් හරි ජීවත් කරවනවා.. අප්පා උදේට මටයි හ්‍යුන්ටයි උයලා ඔක්කොම කරලා එයා එයාගේ ජොබ් එකට යනවා.. මාසෙට හරියන සැලරි එකක් ඒ ජොබ් එකෙන් ලැබෙන්නෙ නෑ... අප්පා ඒ නිසා ජොබ් 3ක් කරනවා... වීක් එන්ඩ් එකේ මම අප්පා එක්ක එන්ජෝයි කරන්න කැමති, ඒත් අප්පාගේ ජොබ් එක නිසා එක කරන්න බෑ....

මට අදටත් පුදුමයි, අප්පා මාව කොහොම බලාගත්තද කියලා ඔම්මත් නැතුව... අප්පාගෙන් මම ඔම්මා ගැන අහලම නෑ, මට හිතෙනවා මම ඔම්මා වගේ කියලා... ඒ නිසානේ හ්‍යුන් උදේට මගේ මූනට බැනලා රෑට කිස් එකක් දීලා යන්නෙ මට...

දෙවැනියට මම කරන ලොකුම වැරැද්ද, අප්පා මහන්සි වෙලා හම්බකරන සල්ලී වලින් ගන්න බෙහෙත් මම විසික් කරලා දානවා... කොහොමත් මන් ජීවත් වෙලා වැඩක් නෑ... මම මූසල ළමයෙක් නේ!!.. මම ඒක අප්පට නොකිව්වත්, හැමතිස්සෙම එක මට වද දෙනවා...

බෑග් පැක් එක අරගෙන මම කිචන් එක පැත්තට ගියා, හ්‍යුන් පැන් කේක්ස් කන ගමන් ෆොන් එක ඔබනවා.. එයාට ෆොන් එකක් තියෙනවා.. ඒත් මග නෑ... කමක් නෑ මම තාම පුංචි ළමයෙක්, ඒත් මැරෙන්න කලින් මට ෆොන් එකක් ඔනේ කියලා හිතෙනවා.... අලුත් යාලුවෝ හදාගන්න, හ්‍යුන් වගේ සෙල්ෆි ගගහා ශෙයාර් කරන්න... කෝල්ස් ගන්න..

හ්‍යුන් පුරුදු විදිහට මන් දිහා කන්නවගේ බලලා අහක බලාගත්තා, මට මේ හැමදේම පුරුදුයි.. මැරෙන්න ඉන්න මට අප්පගේ ආදරේ ගොඩාක් වටිනවා...

~ටේ ටේ, කාලා ඉන්න.. ඔයාගේ බෙහෙත් බිව්වද?

~පපා... මම... මම... බිව්වා පපා..

~හෙට හවසට චෙකප් එක තියෙනවා, ඔයා ලැහැස්ති වෙලා ඉන්න ඔනේ.. සමහරවිට මම අද ගියාම හෙට දවල්ට නැත්නම් රෑවෙයි එනකොට.. හ්ම්...

~මොනාද අප්පා ඔයා ඔච්චරටම කරන රස්සාව, ඇති වැඩකුත් නෑ... ඒ හම්බ කරන ඔක්කොම මේ මූසල කොල්ලට වියදම් කරන්නේ.. කොහොමත් මූ මැරෙන එකනේ... මගේ ඔම්මව මරාගෙන තමුසේ ඉපදිලත් වැඩක් නෑ, තමුසේ ආවට පස්සෙ තමයි මේ ඔක්කොම වුනේ...

~ජන්කුක් ඔක නවත්තනවා!!!

හ්‍යුන් කියපු දේවල් මම ඔලුව නවාගෙන් අහගෙන හිටියා, ඒත් මාව ගැස්සිලා ගියේ අප්පගේ කටසද්දෙ එක්ක.. ඒ සැර කටහඬට මම බයවුනා.. මගේ ඇස් වලින් කදුලු එකපිට එක ගලනකොට අප්පා ඇවිත් මාව එයාගේ පස්සට කරගත්තා.. 

අප්පගේ ලොකු ඇගට මම මුවාවෙලා හ්‍යුන්ගේ කෙන්තියෙන් පිරුණු ඇස් දිහා බැලුවා.. ඒවා ගොඩාක් ලොකුයි, ලස්සනයි.. ඒත් මන් බයයි.. මම එතන මුකුත් බලන්න තරම් හිත හදාගෙන හිටියේ නෑ.... අප්පගේ අතක් ඉස්සිලා හ්‍යුන්ගේ කම්මුලේ නතරවෙනකොට මාව ගැස්සිලා විසික් වුනා..

~තමුන්ට මම කියලා තියෙනවා ජන්කුක් මල්ලිට ඔහොම කතා කරන්න එපා කියලා, එපා කියන හැමදේම කරන්න එපා ජන්කුක්...

~අප්පට ලොකු මුව මිසක් මාව නෙවෙයි නේ, මගෙ ඔම්මව මරාගත්තේ මේ කාලකණ්ණියා... මූව තියන්න වටින්නෙ නෑ...

~ජන්කුක් ඒ ඔයාගේ ඔම්මා විතරක් නෙවෙයි, ඒ ටේගෙත් ඔම්මා...

~මූ ආවා කියලා අපේ ජීවිත තිබ්බ තැනින් අගාධයට වැටුනේ, ඉස්සර අපේ ලස්සන ජීවිතය කෝ දැන්... මුට අරක ගන්න, මේක ගන්න හැම තඹයක්ම වියදම් කරන්න වෙලා...

හ්‍යුන්ට මාත් එක්ක මොන තරහක්ද මන්දා, ඔම්මාව මැරුවේ මමද, මෙයලගේ ජීවිත විනාශ උනේ මම නිසාද? හ්‍යුන්ට විතරක් අයිති මගේ ඔම්මා මැරුනේ මම නිසාද?

අප්පාගෙයි හ්‍යුන්ගෙයි ලොකු රණ්ඩුව කෙලවරට වෙලා මම බලාගෙන හිටියා, හැමදේම කැරකෙනවා කියලා මට දැනුනේ.... මගේ එක අතක් වෙව්ලන්න ගත්තා... මොකක්ද වෙන්නෙ....

~තව මොහොතක්වත් මම මේ ගෙදර ඉන්නෙ නෑ, මම හිටියොත් මූත් එක්කම මට විනාශ වෙලා යන්න වෙන්නේ....

හ්‍යුන් එයාගේ ෆොන් එකයි බෑග් එකයි අරගෙන ගෙදර දොර ලගින් හිටගෙන මම දිහා බැලුවා.. ඒ ඇස් වල මුකුත් තේරුණේ නෑ මට..

~යනවා ජන්කුක්.. ආයෙමත් එන්නත් එපා... මට තමුසේ වගේ ළමෙක් එපා..

අප්පගේ කටහඩේ තිබ්බේ කලකිරුන ගතියක්, මට තවත් ප්‍රශ්න දෙන්න ඔනේ නෑ.. ඒත් තව ප්‍රශ්නයක් අත ලගම එනවා....

~පපා....

~ටේ ටේ.... නැගිටින්න පැටියෝ..
ටේයෝන්ග්....

.............................

Love you
By_Queen jiniwa 🔮♥️

M A K E  A  W I S H | Jin x Tae x Kook | Completed Where stories live. Discover now