Taehyung pov...
ඊයේ දැකපු හැමදේම මගේ ඔලුවේ තාම කැරකෙනවා, අප්පගේ ඇල්බම්ස් 12ක්.. ෆොටෝ කාඩ්ස්, ඒ හැමදේම එතකොට ඇත්තක්ද නැත්නම් මට පෙනුන හීනයක් ද? මගේ අප්පා සිගර් කෙනෙක්, ඔම්මාත් එහෙමයි... එතකොට හ්‍යුන් හැමතිස්සෙම කියපු පරණ ජීවිතය එකද? එතකොට හ්‍යුන් ඒ හැමදේම ගැන දන්නවද?
නෑ නෑ එක හීනයක්... අප්පා සිගර් කෙනෙක් නම් අපු මෙහෙම ජීවත් වෙන්නෙ නැනේ... මොකක්ද මේ?
මම ආයෙමත් බෙඩ්ශීට් එක ඔලුවෙ ඉදන් පොරවගෙන ඇස් තදකරගෙන පියාගෙන ඒ හැමදේම බොරුවක් කරන්න ට්‍ර්‍යි කරා... නෑ එක ඇත්ත, ඊයේ වීදුරුවකට කැපුන පැල්ලමත් තියෙනවා....
- ටේයොන්ග්, ඔයා නිදිදතාම?
- හ්‍යුන්!?...
එකපාරට මම බෙඩ්ශීට් එක අයින් කරලා ඇදෙන් බැස්සා, එයාගේ ඇස් වල තිබ්බ කදුලු නිසා මට හිතාගන්න බැරිවුණා... එයා දුවගෙන ඇවිත් මාව හග් කරගෙන ගොඩක් වෙලා අඩන්න ඇති, මම එයාගේ ඉනවටේ අත දාගෙන ඇඩුවේ එතනින් එහාට කරන්න දෙයක් මතක් නොවුන නිසා..
එයා මගේ ඔලුව උඩින් මූන තියාගෙන ගොඩක් ඇඩුවා.. ඒත් ඇයි?
-හ්‍යුන් ඇයි අඩන්නේ?
-ටේ ටේ අප්පා....
-අප්පා කෝ, මොකක්ද උනේ??
-අප්පා අපිව දාළා ගියා ටේ... අප්පා අපිව දාළා ගියා...
හ්‍යුන් ආයෙමත් මගේ ලගින් දනගහගෙන හයියෙන් ඇඩුවා, අවුරුදු 10ක මට මුකුත් තේරුනේ නෑ... ඒත් අප්පා අපිව දාළා ගියා කියන එක තේරුනා, ආයෙමත් අප්පා එන්නෙ නෑ.. එක හ්‍යුන් කිව්වේ... මමත් හ්‍යුන් ලගට වෙලා හොදටම ඇඩුවා, මගේ ඒන්ජල් අප්පා ආයෙමත් එන්නෙ නෑලූ...
............................
මට අඩලා අඩලා නින්ද ගියා, මන් හිටියේ හ්‍යුන්ගේ උකුල උඩ එයාගේ පපුවට මූන තියාගෙන එයා තාලේකට මගේ ඔලුව අතගාන ගමන් කාත් එක්ක හරි කෝල් එකක්, එයා තාමත් හොදටම ඉකි ගහනවා...
- තට්ටු 30ක බිල්ඩින් එකක් හොසොක්, මට ඊටවඩා ඉක්මනින් එතනට යන්න තිබ්බා..
අප්පා මොනාද මට කියන්න තියෙනවා කිව්වා බන්, මන් මේ පොඩි එකා එක්ක මේ ලොකේ තනිවුනා....
මන් මොකක්ද බන් දැන් කරන්නේ...අප්පා... පාලුයි මට.....
.............................
Love you
By_Queen Jiniwa🔮♥️
YOU ARE READING
M A K E A W I S H | Jin x Tae x Kook | Completed
Fanfiction~ හ්‍යුන් කොහොම මට සැලකුවත්, හ්‍යුන් මගේ බනී හ්‍යුන් විතරයි... ටේටේ එයාගේ පුංචි බෙයාර් කියලා හිතන එක මගේ අන්තිම කැමැත්ත... එක නිකන් බර්ත් ඩේ එක දවසේ කැන්ඩ්ල්ස් නිවනකොට කරන විශ් එකක් වගේ.... - taehyung . . . . . #1 on...