chapter 05

745 190 6
                                    

Jungkook pov...

මගේ ඔම්මා, අප්පා කවුද කියලා තාමත් මතක අය ඉන්නවා කියලා මම දන්නවා.. ඔම්මයි අප්පයි එක්ක ගත කරපු ලස්සන මතක මට ලෙසියෙන් අමතක වෙලා යන එකක් නෑ.. ඔම්මට ටේටේ ව හම්බෙන්න ඉන්නවා කියලා දැනගත්ත දවසේ මම එයා එනකල් ඇගිලි ගැන්නා.. මට පුංචි මල්ලියෙක් එනවා නේද කියලා හිතාගෙන, ඇත්තටම මට මල්ලි බබෙක් හම්බුනා...

ඒත් මට ඔම්මව නැතිවුනා, ටේටේ ඔම්මා වගේම විතරයි... හැමදාම රෑට මම හොරෙන් ටේ ටේව බලන්න යන්නෙත් එකයි. ඔම්මා නැති අඩුව මම නැති කරගන්නේ ටේ නිසා.. ටේ ටේ ඉපදුණ දවසේ ඩොක්ටර් කියපු දේ මට හොදටම මතකයි, ටේ මගේ මූන ඉස්සරහට එනකොට ඒ හැමදෙයක්ම මට මුල ඉදන් මතක් වෙනවා...

එයා දරුණු ස්නායු රෝගයකින් පෙළෙනවා, එක එයාට එයාගේ ඔම්මගෙන් ලැබිලා තියෙන්නෙ... මිසිස් කිම් දරුවා ලැබෙනකොටම නැතිවුනෙත් එකයි.. මේ බබාවත් අවුරුදු 10ට වඩා අපිට බලාපොරොත්තු තියන්න අමාරුයි....

මම ටේ ටේ ගෙන් ඈත් උනේ, ඒ පුංචි හුරතලේට ලංවුනොත්.. හ්‍යුන් විදිහට ටේ මාව දාළා ගියොත් දරාගන්න බැරිවෙන නිසා... මන් එයාට බැන්නා, කියන්න ඔනේ නැති දේවල් කිව්වා.. අප්පට එයත් එක්ක බැන්නා... අන්තිමට එයාගේ ලොකේ වීරයා උනේ අප්පා.. මගේ ලොකේ හැදුනේ අප්පා දිහා බලාගෙන.. ටේ ටේට මම ආදරෙයි... මන් එයාට ආදරෙයි ගොඩාක්... එයා ඉපදුනාම අප්පා එයාව අතේ තියාගෙන ගොඩාක් වෙලා කාමරේට වෙලා ඇඩුවා....

ටේටේ පුංචි වුනත් කලේ හිනාවෙවී අප්පගේ මුන අල්ලගෙන හිටපු එක, තාමත් ඒ පුංචි හිතට මේ දේවල් බර වැඩි... තාම එයා ජීවිතේ වින්දෙත් නෑ.. මම නිසා එයා දුකින්ම මේ ලොකෙන් යයිද කියලත් මට බයයි... ටේයොන්ග් වෙනුවෙන් ඔනම දෙයක්, ඒත් හොරෙන්... එයාගෙ බෙහෙත් වෙනුවෙන් රස්සාවක් කරන්න ඔනේ නිසා මම රණ්ඩුව පිටින් දාළා ගෙදරින් ආවේ...

අන්තිමට මම හොසොක්ගේ ගෙදර නැවතුනේ, රස්සාවක් ඉස්සරහට හොයාගන්න ඔනේ... ඒත් මේ මූන එක්ක රස්සාවක් හොයනවට වඩා හොදයි නිකන් ඉන්නවා... හැම ප්‍රශ්නයක්ම අහන්නගත්තාම, එපා වෙනවා....

- බන් මේක කාලා හිටපන්, හෙට පොඩ්ඩක් කොලෙජ් එකෙන් පස්සේ රවුමක් දාමු.. කැෆේ එකක ජොබ් එකක් නැති වෙන එකක් නෑ...

- ටේ ටේ ගේ බර්ත්ඩේ එකට කලින් තෑග්ගක් ගන්න මට ජොබ් එකක් ඔනේ බන්...

- ඉක්මනින් හොයාගමු,
ඒත් මේ අහපන්... උබ දැන්වත් ඒ පොඩි එකාට හ්‍යුන් විදිහට ඉදපන්.. දුකට බයේ උබ කවදා වෙනකල් ඔහොම ඉන්නවද?

- පුලුවන් කාලයක්...

හොසොක් දුන්න රාමෙන් එක මම ඉක්මනින් කාලා අනිත් පැත්තට ඇදට වැටිලා ගුලි වුනේ හරිහමන් තීරණයක් නැතුව.. හොබි එයාගේ මල්ලි ජිමින් එක්ක ඉන්න විදිහට මට ටේ එක්ක ඉන්න ඔනේ ඒත් මට බයයි...
ටේ වෙනුවෙන් පුලුවන් හැමදේම හොරෙන් මම කළා, එයාට චොකලට් එකක් තියලා අප්පගේ අත් අකුරින් නෝට් එකක් තිබ්බා, එකත් හොරෙන්.. ජිමින්ගේ නෝට්ස් ඉල්ල්ගෙන එයාට ගිහින් දුන්නා... තව ඉතුරුවෙලා තියෙන්නේ මොනාද?

මන් ලයිට්ස් නිවලා නිදාගන්න ඇස් පියා ගත්තට, මට ඒ පුංචි මූන මැවිලා පෙනවා... ගෙදර රණ්ඩුව වෙලේ එය කොච්චර බයවෙලා ද හිටියේ.. එකපාරට ෆෝන් එක රින්ග් වෙන්න ගත්ත නිසා මම එක අතට අරගත්තා...

අප්පා !!! මේ රැ... ටේට හදිස්සියක්වත් ද?

මම ඉක්මනින් ඇදෙන් බැහැලා ෆොන් එක ආන්සර් කළා...
මගෙ පපුව වේගෙන් ගැහෙනවා... ඒ තරම් මම ටේට ආදරෙයි ද?

- හෙලෝ අප්පා....

- ජන්කුක්, පොඩ්ඩක් කතා කරන්න ඔනේ...

- අප්පා... මම... මම... මේ....
හරි අප්පා..

අප්පා එච්චරයි කිව්වේ, වෙන මොකක් හරි දෙයක් වෙන්න ඔනේ.. අප්පා ඉස්සර කරපු විහිලු දැන් නෑ... ඒ හිනාව නෑ... හැමදේම වෙනස් වෙලා...

නිදාගන්න ඔනේ උනත් මට නින්දයන්නේ නෑ... මම එහාපැත්තට වෙන්න තිබ්බ ජනෙලේ ඇරලා එතනින් ඔලුව තියාගෙන අහස දිහා බැලුවා... අහසේ තරු පිරිලා...

ටේ බෙයාර් තරු වලට ආසයි....

.............................

Love you
By_Queen jiniwa 🔮♥️

M A K E  A  W I S H | Jin x Tae x Kook | Completed Where stories live. Discover now