chapter 03

760 195 19
                                    

Taehyung pov...

අප්පාත් නෑ ගෙදර, හ්‍යුන් ඇත්තෙත් නෑ... මම විතරයි ඉන්නේ.. මොනාද කරන්න ඔනේ... කම්මැලි.. දවස් තුනක් ස්කුල් වැඩත් පාඩුයි, හ්‍යුන් හිටියානම් ජිමිනාට කෝල් එකක් දීලා නෝට් එක ඉල්ලගන්න තිබ්බා.. එකත් බැනේ...

මන් සයන්ස් බුක් එකේ බයලොජි ටික පාඩම් කරන්න ගත්තා, ඒත් මට හ්‍යුන්ව මතක් වෙනවා.. හ්‍යුන් කොච්චර උනත් මට කලින් නේ ඉපදුනේ, එයාට මට වඩා අයිතියක් තියෙනවා අප්පට... වැඩිවෙලා නොගිහින් බයලොජි බුක් එක කොමික් බුක් එකක් උනා.. පැන්සලෙන් එක එක එව්වා ඇදිලා, වැඩිම හරියක් මගේ හිතේ තිබ්බ දේවල්...

~මට තියෙන ලොකුම හීනේ, අප්පා වගේ වෙන එක... මම දන්නෙ නෑ අප්පා කලින් කවුද කියලා.. ඒත් ම්ට එහෙම වෙන්න ඔනේ කියලා හිතෙනවා...

ඩැඩා, පපා ඔය වචන වලට වඩා අප්පා කියන එක ලස්සනයි නේද?.. මට පිස්සු හැදීගෙන එනවද කොහෙද... මම සයන්ස් බුක් එක වහලා කිචන් එකට ගියාත්, එකපාරට මට මතක් උනේ ගෙදර ලැන්ඩ් ලයින් එකක් තියෙනවා නේද කියලා... එකත් මට අමතක වෙලා ගිහින්...

ෆෝන් එක ලග තිබ්බ පොතේ උඩින්ම

~අප්පා
~හ්‍යුන්
~ජිමින්
~ඩොක්ටර් නම්ජූන්
~ලිලී ආන්ටී

ජිමින්ට කෝල් කරන එක පැත්තකින් තියලා මම හ්‍යුන්ගේ නම්බර් එකට ගත්තේ එයා මට ආදරේ නැති උනාට මම එයාට ආදරෙයි නිසා... හ්‍යුන් කොහොම මට සැලකුවත්, හ්‍යුන් මගේ බනී හ්‍යුන් විතරයි... ටේටේ එයාගේ පුංචි බෙයාර් කියලා හිතන එක මගේ අන්තිම කැමැත්ත... එක නිකන් බර්ත් ඩේ එක දවසේ කැන්ඩ්ල්ස් නිවනකොට කරන විශ් එකක් වගේ....

දෙපාරක් රින්ග්ස් යන්නත් කලින් හ්‍යුන් 4න් එක ආන්සර් කරා... අපි දෙන්නම ටිකක් වෙලා සද්දයක් නැතුව හිටියේ කවුරුහරි කතා කරනකල්, හ්‍යුන් උගුර පෑදුවම මම ටිකක් බය වුනා..

- දැන් හොදයිද?

- හ්‍යුන් කොහෙද ඉන්නේ?

- ප්‍රශ්නයක් ඇහුවම උත්තරයක් දෙනවා ටේයොන්ග් !!

එයා මට කිව්වේ ටේයොන්ග් කියලා, සම්පූර්ණ නමින්.. මගේ හිත රිදුනා ගොඩාක්, ඒ නිසාම මම ඇහෙන් වැටුන කදුල අතින් පිහිදගෙන ශර්ට් එකෙන් අත පිහිදගත්තා..

- දැන් හොදයි හ්‍යුන්, ඔයා ගෙදර එන්නෙ නැද්ද?

- ජිමින් මට නොට එක දුන්නා, එක මම ලෙටර් බොක්ස් එකට දාලා ඇති.. මතක් කරලා ගන්න..

- හ්‍යුන් මම......

එයා කෝල් එක කට්කරලත් ඉවරයි.. කෝමහරි හ්‍යුන් නෝට් එක අරගෙන නේ.. එයා මට ආදරේ ඇති, නැත්නම් එහෙම කරන්නෙ නැනේ.. නැත්නම් සමහරවිට ජිමින් නෝට් එක හ්‍යුන්ට දෙන්න ඇති...

ආයෙමත් ෆොන් එක රින්ග් උන නිසා මම පස්සට අඩිය තියලා අන්සර් කරා..

- කලා බෙහෙත් ටික බීලා කලින් නිදා ගන්නවා... හොදට දොරවල් වහලද බලනවා...
නැත්නම් අප්පටමයි වදේ වෙන්නෙ...

මන් කිව්වේ එයා මට ආදරේ නෑ, එයා හිතන්නේ අප්පා ගැනයි එයාගේ සතුට ගැනයි... එයා එහෙම කියලා ආයෙමත් 4න් එක තිබ්බා.. ටේ ටේට දැන් අප්පා ලගට වෙලා අඩන්න ඔනේ....

තව මාසෙකින් මගේ උපන්දිනේ, මට ලොකු තෑගි එපා ඒන්ජල්.. හ්‍යුන් එක්කයි අප්පා එක්කයි වීක් එන්ඩ් එකක කොහෙහරි කෑම්පින් යන්න ආසයි.. සතුටින්..

ඔය ඔක්කොම මම හිතේ තියාගෙන කිචන් එකට ගියා, පුරුදු විදිහට මගේ කෑම එක වෙනම තියෙනවා... අප්පා එක කොමහරි රසට හදන නිසා කනවා... නැත්නම් ඒත් නෑ....

'මතක් කරලා අනිවාර්යයෙන් බෙහෙත් බොන්න ටේ ටේ... ඔනේ නම් ඔයාට චොකලට් එකක් ෆ්‍රීසර් එකෙ ඇති.... '

අප්පා මට අමතක වෙයි කියලා නෝට් එකක් තියලා ගිහින්, ඉතින් හරි නේ ටේ... ඔයා ලෙඩෙක් නේ..
සෙල්ෆ් මෝටිවෙශන් එකක් ඔනේ කිව්වට, මට නැත්තෙම එක... මම හැමතිස්සෙම මාව අවිශ්වාස කරනවා...

..............................

Love you
By_Queen jiniwa 🔮♥️

M A K E  A  W I S H | Jin x Tae x Kook | Completed Where stories live. Discover now