chapter 02

795 195 11
                                    

Taehyung pov...

හැමදේම නොපෙනිලා යන්න ගියා.. ආයෙමත් මම ඇස් ඇරියද කියලා මට හිතාගන්න බෑ, මගේ අත රිදෙනවා.. මම ආයෙමත් ඇස් ඇරියේ හොස්පිට්ල් එකේදී, තනිකම කාමරේකට වෙලා මම ඔහේ හිටියා... කාමරේ ජනෙලේන් එළිය හොදට පේනවා.. තාම උදේ...

-ටේ ටේ...

අප්පගේ කට සද්දේ නිසා මම දොරදිහා බැලුවේ, ඔක්සිජන් මාස්ක් එක දාගෙනම මම අප්පා එක්ක හිනාවුනා.. ඒ එක්කම මගේ ඇහෙන් කදුලක් වැටිලා ගියේ මට නොදැනිමයි.. මම නිසා හ්‍යුන් ගෙදරින් ගිහින්.. දැන් මම කොහොමත් ජීවත් වෙන්න ඔනේ අප්පා වෙනුවෙන්...

-ඇයි පැටියෝ මෙච්චර කල් බෙහෙත් නොබිව්වේ?

-බිව්වා කියලා මම ජීවත් වෙන්නෙ නෑ නේ අප්පා...

අප්පා මගේ ඇද ලගින් වාඩිවෙලා ඔලුව අතගෑවා, ඒත් වැඩිවෙලා නොගිහින් අප්පා මගෙ අත අල්ලගෙන හොදටම අඩනවා.. අඩන්න එපා කියන්න බෑ, මම කරන්නේ වැරැද්දක් කියලා මම දන්නවා.. මම ඉක්මනින් මැරුනම, හ්‍යුන්ටයි අප්පටයි පරණ විදිහට ජීවත් වෙන්න පුලුවන් වෙයි...

~අදට අවුරුදු 20ක්, සියල්ල සැනසූ හිනාව අප හැරගොස් අවුරුදු 20ක් වෙනවා... ඒ සොදුරු.......

අපේ කාමරේ තිබ්බ රේඩියෝ එක වගේ එකෙන් එකපාරට ගිය වැඩසටහන නිසා අප්පා කලබල වෙලා එක ඔෆ් කරලා කාමරේ ජනේලේ ඇරියා... සැර අව්වට හරිම ශෝක්.. ඒත් මම යන්න බයයි.. ඒ අව්වට මාව පිච්චෙනවා...

-අප්පා යන්නෙ නැද්ද අද?

-අද බෑ ටේ, හ්‍යුන්වත් නෑනේ අද ඔයාලග තියලා යන්න...

-ඔම්මා හිටියානම් හොදයි කියල හිතෙනවද අප්පා...

අප්පා ජනෙලේ ලග හිටගෙනම එළිය බලාගෙන හිනාවුනා, එයා මොකටද හිනාවුනේ.. මම එයාගේ හිත කියෙව්වද? ඇත්තටම ඔම්මා හිටියා නම් හ්‍යුන් අප්පා එක්ක රණ්ඩු කරන්නෙත් නෑ... සමහරවිට හ්‍යුන් කියපු විදිහට ඔම්මා හිටියා නම්, මම ජීවත් වෙන්නෙ නැතිවෙයි...

-ඔම්මා හැමදාම හිටියේ ඔයාලග ටේ....
ඔයා ඔම්මා වගේ... ඔම්මා ඔයාව තේරුවේ ඔයාව ගොඩාක් වටින නිසා.. ජන්කුක් මොනා කේන්තියට කිව්වත් හිතන්න එපා....

-හිතන්නෙ නෑ මම..

..............................

දවස් 3ක් මම හොස්පිට්ල් ඉන්න ඇති, හරියටම මතකයක් නැ මට.. අප්පා කියපු විදිහට දවස් තුනකින් හ්‍යුන් ගෙදර ආවෙත් නෑ... ඒ කියන්නේ හරි, මම දවස් තුනක් හොස්පිට්ල් ඉදලා..

අප්පාට මේ දවස් තුනට ගොඩාක් පාඩුයි මම නිසා, එයාට ජොබ් එක කරන්න බැරිවුනොත්... අපිට ජීවත් වෙන්නත් බැරිවෙයි...

' ටේයොන්ග් පරිස්සමින් ඉන්න.. මම ඉක්මනින් එන්නම්... '

...............................

Love you
By_Queen jiniwa🔮♥️

M A K E  A  W I S H | Jin x Tae x Kook | Completed Where stories live. Discover now