06

441 107 214
                                    

Virus

(⚠️කතාව අවසානය කියවන්න කලින් spoil කරන අයව block කරනු ලැබේ! සහ එම කමෙන්ට්ස් delete කරනු ලැබේ. කරුණාකරලා කතාව රසවිඳින අයට කියවන්න දෙන්න.)

එයාගේ ඇස් මං දිහා බලාගෙන හිටියේ අවධානයෙන්. "ඔයා හොදින් නේද? එයා මගෙන් ඇහුවේ ගොඩක් අවධානයෙන්. මම කලේ ඔලුව වනපු එක විතරයි. මොකද මම ඇත්තටම එයාට ගොඩක් බයවෙලා හිටිය නිසා. "මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.. මා එක්ක එන්න" මම දන්නේ නැහැ එයා ඇයි එහෙම කිව්වේ කියලා. මොකද කිව්වොත්... ඇත්තටම ඉතිං මට එයා එක්ක යනවා හැර වෙන විකල්පයක් තිබුණේ නැහැ. එයා මාව උස්සගෙනමයි කාමරයෙන් එලියට ගියේ.

මගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තේ ජොන්ග්කුක්ගේ ඇස්වල තිබ්බ පෙනුම නිසාමයි.
කාමරයෙන් එලියේ තිබුණ කොරිඩෝවේ හිටිය කිහිපදෙනෙක්ම අපි දෙන්නා දිහා පුදුමයෙන් බලනවා මට දැනුනත් මම ජොන්ග්කුක් දිහාම බලාගෙන හිටියේ පුදුමවෙලා.. ඒ වගේම එයාට අමුතු බයකුත් මගේ හිතේ ඇතිවෙලා තිබුණේ.

"ජො.. ජොන්ග්කුක්.. ඔයා කොහෙද මේ මාව එක්කගෙන යන්නේ?" මම අන්තිමේ ඇහුවේ ජොන්ග්කුක් එයාගේ 'නෙටී' එකෙන් කෑම්ප් එකෙන් එලියට යන දොර සලකුණු කරලා ඇරගත්තාට පස්සේ. එයා කොහෙද මේ මාව එක්කගෙන යන්නේ? අනික.. කෑම්ප් එකෙන් එලියට එක්කගෙන යන්නේ මොන එහෙකට ද? අනික තමයි.. ඇයි එයා මාව උස්සගෙන යන්නේ? මට මාර අමුත්තක් අප්පා දැනෙන්නේ.. කවුරුහරි මාව මෙහෙම දැක්කොත් මොකද වෙන්නේ? අම්මාටයි, තාත්තාටයි කිව්වොත්? හයියෝ... තාත්තා දැනගත්තොත් ජොන්ග්කුක් මාව මෙහෙම ඉස්සුවා කියලා, එයාට හාට් ඇටෑක් හැදෙයි දෙයියනේ. ඇත්තනේ ඉතිං... මටත් හිතාගන්න බැහැ ජොන්ග්කුක් ඇයි මේ මෙහෙම මාව උස්සගෙන යන්නේ කියලා.

"ජොන්ග්කුක්...." අන්තිමේ මම ආයේ කතා කලේ එයා මට කිසිම දෙයක් නොකියා මාව උස්සගෙන ඉස්සරහටම යන නිසා. "තව ටිකයි ලියා.." එයා එහෙම කිව්වේ මගේ කන්කෙදිරිය නවත්තන්න වගේ. මම මගේ අත්දෙක එයාගේ බෙල්ල වටේ එතුවේ සිද්ධවෙන දේ හිතාගන්න බැරුව. කෝකටත් එයාව අල්ලගෙන ඉන්න එක හොදයිනේ, වැටෙන්නේ නැතුව. ඔන්න ඔහේ ඉතිං මෙයා අරන් යන තැනකට යන්න තමයි වෙන්නේ. "ඒත්.. ජොන්ග්කුක් මට ඇවිදින්න පුලුවන්.. මගේ කකුල් තුවාල වුණේ නැහැ" මම ආයෙත් එහෙම කිව්වේ නිකමට වගේ. ඒත් ජොන්ග්කුක්ගේ ඇස් දිහා බැලුවාම මට පේනවා මම මොනවා කිව්වත් එයා නම් මාව බිමින් තියන්නේ නැහැ කියලා. "මම දන්නවා.." එයා එච්චරයි මට කිව්වේ. අපි ඇවිදපු කොරිඩෝවේ කිසිම මනුස්සයෙක් හිටියේ නැත්තේ අපේ වාසනාවට. කොහොමත් හැබැයි ඉතිං.. මේ වෙලාව සාමාන්‍යයෙන් හැමෝම වගේ නිදාගන්න වෙලාවනේ. අනික තමයි.. අපි මේ ඇවිදින්නේ වැඩිය ජනප්‍රිය නැති කොරිඩෝවක. ඒ නිසා මේ වගේ මහ රෑක කවුරුත් මේ කොරිඩෝවේ ඇවිදියි කියලා හිතන්නත් බැහැ. ඒත් මේ ජොන්ග්කුක් කොහෙද මේ මාව අරගෙන යන්නේ මේ මහ රෑ?

𝐕𝐢𝐫𝐮𝐬 ✓Where stories live. Discover now