Virus
"මේ... පොලීසියෙන් නේද? අපේ කොලනියෙත් පොලීසිය මේ වගේ නිළඇදුමක් අදිනවා! ඒත් ඇයි එයාලා අපිව වටකරගෙන ඉන්නේ?" ජොන්ග්කුක් එහෙම ඇහුවේ පොලීසිය අපිව අල්ලගෙන යද්දී. අපි දෙන්නගෙම අත් තිබුණේ අපේ ඔලුවල. අපේ බෑග් පොලීසිය බාරේ තිබ්බේ. දෙන්නෙක් ඉස්සරහින්, දෙන්නෙක් පිටිපස්සෙන්. මමයි, ජොන්ග්කුකුයි මැද. කොරිඩෝවල ඇවිද ඇවිද හිටිය හැමෝම අයින්වෙලා අපිට ඉඩ දුන්නා. ඒ වගේම වටේ පිටේ හිටිය කෙල්ලෝ ඔක්කොම වගේ ජොන්ග්කුක් දිහා බලාගෙන හිටියේ කෙළ පෙරාගෙන. ඕකේ!! මට පේන්නේ ඒ කෙල්ලොන්ට පිස්සු! මේ කොල්ලට මෙච්චර පිස්සු වැටෙන්න ඕනෙද මං අහන්නේ? අනේ මන්දා.. එයාලට පිස්සු!
"ජොන් ජොන්ග්කුක්! ඔයා මේ කොලනියට ආවේ අද කියන එක මොහොතකටවත් අමතක කරන්න එපා හොඳද? ඔයාට මම කිව්වා අර කට්ටියට ගහද්දිම එපා කියලා.. ඔයා ඇහුවේ නැහැනේ" මම හිමින් මිමිණුවේ ජොන්ග්කුක්ට විතරක් ඇහෙන විදිහට. "ඇයි? මෙහෙ කාටහරි ගැහුවාම මේ තරම් දෙයක් කරනවද?" ජොන්ග්කුක් ඇහුවේ සමච්චලේට වගේ හිනාවෙන ගමන්. "අපෝ නැහැ! මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඔයා ගැහුවේ අපේ නඩුකාරයාගේ පුතාට! මයිකල් ආන්ජලෝ කියන්නේ මෙහෙ ඉන්න නඩුකාරයාගේ පුතා! ඔයාට බැහැ ඒ වගේ ලොකු තනතුරක ඉන්න නිලධාරියෙක්ගේ පවුලකට මොකුත් කරන්න. විශේෂයෙන් ම නඩුකාරයාගේ!" මම පැහැදිලි කලේ එයාලාගේ කොලනි එකේ එහෙම නැද්ද කියලා කල්පනාකරන ගමන්. "ඕහ්හ්.. ආයිශ්.. ඉතිං ඔයා කියන්න එපැයි මට ගහන්න කලින්!" ජොන්ග්කුක් ආයෙත් මිමිණුවා. දැන් නම් එයාගේ මූණේ තිබ්බ ඒ අසිරිමත් හිනාව හොයාගන්නවත් තිබ්බේ නැහැ.
"මම ඔයාට කිව්වා ජොන්ග්කුක්! ඔයාටනේ වීරයාවෙන්න ඕනේ වුණේ" මම අන්තිමේ ආයෙත් කියෙව්වේ වැරැද්ද එයාගේ පිටට දාන ගමන්. "කොහොමහරි.. ඕනේ එකක්! මම විතරක් නෙවේනේ පොලීසියට අහුවෙලා ඉන්නේ. ඒ නිසා මට අවුලක් නැහැ" ආයෙත් එයාගේ තොල් අතර හිනාවක් ඇදගන්න ගමන් ජොන්ග්කුක් එහෙම කිව්වේ මං දිහා බලලා ඇහැක් ගහන ගමන්. ආ.....හ්.. ඇයි මේ මනුස්සයා හැමවෙලේම ඇස් ගහන්නේ? මට නම් පේන්න බැහැ. අනික මෙයාට හැමෝම අසාමාන්‍ය විදිහට එයාගේ පැත්තට ඇදලා ගන්න පුලුවන් බලයක් තියෙනවද මන්දා. මොකද ඉතිං එහෙම නැත්නම් එයා කොහොමද මේ හැම කෙල්ලම වගේ එයාට කැමති කරගන්නේ? අනේ මන්දා කොහොමහරි මම ඒ විකාර කෙල්ලොන්ගේ ගොඩේ නැති එක ලොකු දෙයක්.