මං අයූට හේත්තු වෙලා සෝෆා එකේ වාඩි වෙලා හිටියා ශිවූ මගේ ඔඩොක්කුවේ ඉඳන් එයාගේ කොෆී එක තොල ගගා හිටියා. අයූ මගේ ඉණට ඇඟිල්ලෙන් ඇන්නේ ශිවූගෙන් අහන්න කියලා ඉඟි කරලා.
"ශිවූ....කියන්න පුතේ...මොකද වුනේ අද?" මං ශිවූව උස්සලා හරියට ඔඩොක්කුවේ තියාගන්න ගමන් ඇහුවා.
********************************
"ශිවූ....කියන්න පුතේ...මොක්ද වුනේ අද?" තාතා මාව උස්සලා හරියට ඔඩොක්කුවෙන් තියාගත්තේ මං පුංචි කාලේ වගේ පහලට වැක්කෙරෙමින් හිටිය නිසා වෙන්නැති.
"ඩැඩා ඔයා විහස්ව දන්නවා නේද?" මං ඩැඩාගෙන් ඇහුවා. ඩැඩා දන්නවා කියලා ඔලුව වැනුවා.
"කවුද පුතූ විහස් කියන්නේ?" තාතා ඇහුවේ එයා දන්නේ නැති නිසා.
"විහස් කියන්නේ අලුත් මැනේජර් ගේ පුතා" ඒකට උත්තර දුන්නේ ඩැඩා.
"අද මං ඉන්ටර්වල් එකේ යාලුවෝ එක්ක කෑම කකා ඉන්නකොට විහස් මගේ ළඟට ආවා. ඒම ඇවිල්ලා මගෙන් ඇහුවා මට අම්මෙක් නෑද කියලා. මං කිව්වා මට අම්මෙක් නෑ මට ඉන්නේ ඩැඩායි තාතායි කියලා. ඊටපස්සේ එයා හැමෝටම කිව්වා මං ජරා ලමයෙක්. මගේ ඩැඩායී තාතායිත් ජරා අය ඒ නිසා කාටවත් මාත් එක්ක කතා කරන්නෙපා කියලා. ඊටපස්සේ මං ඇහුවා ඇයි ඔයා එහෙම කියන්නේ කියලා......ස්ස්ස්..." මගේ කටහඬ බිඳිලා ගියා. තාතා අඬනවා හොඳටම මාව බදාගෙන. හිතාගන්න බෑ. ඒ හදවත ඇතුලේ මං ගැන ඒ තරම් කැක්කුමක්, ආදරයක් තියනවද....?
"එයා කිව්වා...මගේ ඩැඩායි තාතායි ලෙඩ්ඩු කියලා. මමත් ඒ වගේ ලෙඩෙක් වෙයි කිව්වා. මාව ගැලපෙන්නේ නෑ කිව්වා ඉස්කෝලෙට.....ස්ස්ස්...."
"එයා මට කිව්වා....ගිහින් මැරෙන්න කියලා" මං වෙච්ච දේ ඒ විදියටම කියලා කතාව ඉවර කරා.
"මො....මොකක්....මොක්කද්..ද....මැ..රෙ..න්..න?" තාතාගේ හිතේ තියන වේදනාව මට දැනෙන්න ගත්තා අත් දෙකෙන්ම එයා පපුව මිරිකගත්ත විදියෙන්. දෙයියනේ...මේ හිත නේද මං රිද්දුවේ කොහෙවත් යන කෙනෙක්ගේ වචන නිසා. මං අනික් 2 වසරේ ලමයින්ට වඩා ටිකක් හිතන විදිය මැචුවර්ඩ් කිව්වොත් වැරදි නෑ. මොකද මං ඉඳපු රටේ 2 වසරේ ලමයි කියන්නේ සාමාන්යෙන් මෙහේ 5 ලමයෙකුගේ විතර දැනුමක් අවබෝධයක් තියනවා.