‌ඉස්කෝලේ

657 133 102
                                    


"තමුසේ ලෙඩෙක්..."

"තමුසෙගේ අම්මා කෝ...? "

"ඔයා එක්ක ඉඳලා අපිටත් ඔය ජරා ලෙඩ බෝවෙයී" 

"තමුසේ පිරිමියෙක්ද...?" 

අවුරුද්දෙන් අවුරුද්ද ඉස්කෝලේ උඩ පංති වලට යනකොට මේ දේවල් වැඩි වුනා මිස අඩුවුනේ නෑ. 

"සයෙළු ඇත්තද ඔයාට ඉන්නේ තාත්තලා දෙන්නෙක් කියන්නේ....?" හැමදාම අලුත් ගුරුවරයෙක් ආවම එක එක විදියට අහන ඒ ප්‍රශ්නේ අදත් ආයේ ලස්සන විදියකට මගෙන් ඇහුවේ අලුතෙන් ආපු විද්‍යාව සර්. දැන් සර් ඇවිත් සති දෙකක් නේ. දැන්ද දැනගත්තේ...පුදුමයි. 

"ඔව් සර්. ඒක ඇත්ත." සර් මං දිහා බලාගෙන හිටියේ මගේ තියුණු ස්වරය නිසා වෙන්න ඇති. මං ඉගනගත්ත දෙයක් තමයි, ඔයාව ලැජ්ජ කරන්න හිතන් ඉන්න අය ඉන්නවා නේද...? කැත්තට පොල්ල වගේ ඉන්න. කොච්චර අමිහිරි වුනත් හෙණ ගහන්න වගේ ඇත්ත කතා කරන්න. මගේ තාතා මට ඉගැන්නුවේ එහෙමයි. මට මහා ගොඩක් ආදරේ වුනාට, ඩැඩාට ආදරේ වුනාට, සීයාට ආච්චිට ආදරේ වුනාට, ගෙදර හැමදේම කලාට, මං ලඟ ඩැඩා ලඟ හුරතල් වුනාට එයා අහිංසක නෑ. එහෙම වුනා නම් තාතා මගේ ඩැඩා එක්ක මෙච්චර දුර එන්නේ නෑ. 

"එතකොට ඔයා මෙහේද ඉපදුනේ....?" අන්න තවත් සුපුරුදු ප්‍රශ්නයක් අනූනමදාස් නමසිය අනූනමවෙනි වතාවට මගෙන් ඇහුවා. 

"නෑ." 

"එහෙනම්...?"

"ඕස්ට්‍රේලියාවල" 

"ඇයි මෙහේ ආවේ....?"

"සර්...පීරියඩ් එක ඉවරයි." මං කට කොණකට හිනා වෙලා කිව්වේ බෙල් එක ගහන සද්දේ ඇහිච්ච නිසා. මේ දේවල් මට කවදාවත් පරිපාලනෙන් ප්‍රශ්නයක් වුනේ නැත්තේ මගේ ඩැඩාගෙන් වාර්ශිකව හම්බෙන අති විශාල ඩොනේශන් එකයි, මගේ දක්ශතාවලින් ලැබෙන ජයග්‍රහණ ටිකයි එයාලට නැති වෙනවට තිබුනු අකමැත්ත නිසා. සල්ලි වලට ඕනෙ දෙයක් කරන ප්‍රතිපත්තියක් නැති ලංකාවේ බහුතරයක් මිනිස්සු ගැන මට තිබුනේ සමච්චල් සහගත ආකල්පයක්. සර් මගේ දිහා අමුතු විදියට බලලා යන්න නැගිටිද්දී මං ගනන් ගන්නේ නැතුව ගිහින් මගේ තැනින් වාඩි වුනා. 

UnbeatableDonde viven las historias. Descúbrelo ahora